Tuesday, April 21, 2026
Homeදේශීයසංගීත් නිපුන් සනත් නන්දසිරි මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කරන ආකාරය...

සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කරන ආකාරය දැනුම් දෙයි (VIDEO)

මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළඹෙන සෙනසුරාදා (01) දිනයේ දී සිදු කරන බව ශ්‍රී ලංකා ගායක ගායිකාවන්ගේ සංගමයේ සභාපති ජානක වික්‍රමසිංහ මහතා පවසනවා.

දේහය රැගත් අවමංගල පෙරහැර එදින උදෑසන 8.30ට ඒ මහතාගේ නිවසින් සෞන්දර්ය විශ්වවිද්‍යාලය දක්වා ගමන් කර දහවල් 12.30 පමණ විශ්වවිද්‍යාලයෙන් ගුවන් විදුලි සංස්ථාව දක්වා දේහය රැගෙන යන බව ඔහු පැවසුවා.

ගුවන් විදුලි සංස්ථාවෙන් සවස 3.00ට දේහය බොරැල්ල පොදු සුසානයට ගෙන ඒමෙන් අනතුරුව ආගමික කටයුතු සහ අනෙකුත් සියලු කටයුතු සිදුකර සවස 5.30ට පමණ එතුමා දැයෙන් සමුගැනීමට නියමිත බව ජානක වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා.

ඉකුත් 28 වනදා අභාවප්‍රාප්ත වන විට සංගීතවේදී මහාචාර්ය සනත් නන්දසිරි මහතා අසූ එක් වන වියෙහි පසුවුණා.

READ:   තීරුබදු නැතුව බඩු ගන්න සාප්පු 31ක් කටුනායකට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්