දේශීය

බේරුවල භූ කම්පනයේ බලපෑම

අද (30) දහවල් බේරුවල මුහුදේ ඇති වූ භූ චලනයෙන් අවදානමක් නැති වූවද ජනතාව අවධානයෙන් පසු විය යුතු බව භූ විද්‍යා හා පතල් කාර්යාංශය පවසනවා.

බේරුවල මුහුදේ හට ගෙන තිබූ රික්ටර් මාපාංක 3.7ක භූ චලනය බේරුවෙල සිට කිලෝමීටර් 24ක් දුරින් මුහුදේ ඇති වූ බවත් එය කළුතර, මල්ගොන, බේරුවල, බෙන්තොට සහ පිළියන්දල වැනි ප්‍රදේශවල ජනතාවට දැනී ඇති බවත් භූ විද්‍යා හා පතල් කාර්යාංශය පවසනවා.

රික්ටර් මාපාංක 3.7ක වැනි භූ චලනයකින් සුනාමි තත්වයක් ඇතිවීමේ අවධානමක් නොමැති බව එම කාර්යංශය පෙන්වා දෙනවා.රික්ටර් මාපාංක 6.5ට වැඩී බලපෑමින් යුත් භූ කම්පනයන් සුනාමි තත්වයක් ලෙස හැදින්විය හැකි බවයි එම ආයතනය පැවසුවේ.

සුළු භූ කම්පන සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කර නොගත යුතු බවත් එහෙත් ජනතාව අවධානයෙන් සිට එවැනි අවස්ථාවක හැකි ඉක්මනින් දැනුවත් කල යුතු බවත් භූ විද්‍යා හා පතල් කාර්යාංශය පවසනවා.

පසුගිය කාලය තුළ දී රටේ විවිධ ප්‍රදේශවල ඇති වූ භූ චලන සම්බන්ධයෙන් දීර්ඝ අධ්‍යනයක් තම කාර්යංශය විසින් ආරම්භ කර ඇති බව මාධ්‍ය හමුවකට එක් වෙමින් එම කාර්යංශය වැඩිදුරටත් පැවසුවා.

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

20 hours ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

2 days ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

3 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

3 days ago