අද (30) දහවල් බේරුවල මුහුදේ ඇති වූ භූ චලනයෙන් අවදානමක් නැති වූවද ජනතාව අවධානයෙන් පසු විය යුතු බව භූ විද්‍යා හා පතල් කාර්යාංශය පවසනවා.
බේරුවල මුහුදේ හට ගෙන තිබූ රික්ටර් මාපාංක 3.7ක භූ චලනය බේරුවෙල සිට කිලෝමීටර් 24ක් දුරින් මුහුදේ ඇති වූ බවත් එය කළුතර, මල්ගොන, බේරුවල, බෙන්තොට සහ පිළියන්දල වැනි ප්‍රදේශවල ජනතාවට දැනී ඇති බවත් භූ විද්‍යා හා පතල් කාර්යාංශය පවසනවා.
රික්ටර් මාපාංක 3.7ක වැනි භූ චලනයකින් සුනාමි තත්වයක් ඇතිවීමේ අවධානමක් නොමැති බව එම කාර්යංශය පෙන්වා දෙනවා.රික්ටර් මාපාංක 6.5ට වැඩී බලපෑමින් යුත් භූ කම්පනයන් සුනාමි තත්වයක් ලෙස හැදින්විය හැකි බවයි එම ආයතනය පැවසුවේ.
සුළු භූ කම්පන සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කර නොගත යුතු බවත් එහෙත් ජනතාව අවධානයෙන් සිට එවැනි අවස්ථාවක හැකි ඉක්මනින් දැනුවත් කල යුතු බවත් භූ විද්‍යා හා පතල් කාර්යාංශය පවසනවා.
පසුගිය කාලය තුළ දී රටේ විවිධ ප්‍රදේශවල ඇති වූ භූ චලන සම්බන්ධයෙන් දීර්ඝ අධ්‍යනයක් තම කාර්යංශය විසින් ආරම්භ කර ඇති බව මාධ්‍ය හමුවකට එක් වෙමින් එම කාර්යංශය වැඩිදුරටත් පැවසුවා.
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…