Monday, September 14, 2026
Homeදේශීයඅර්ජුන රණතුංගට වහාම ඉල්ලා අස්වෙන්නැයි! දන්වා ලිපියක්

අර්ජුන රණතුංගට වහාම ඉල්ලා අස්වෙන්නැයි! දන්වා ලිපියක්

ජාතික ක්‍රීඩක සභාවේ සභාපති ධුරයෙන් වහාම ඉල්ලා අස්වන ලෙස දන්වා ක්‍රීඩා අමාත්‍යවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයා විසින් අර්ජුන රණතුංග මහතාට ලිපියක් යොමු කර තිබෙනවා.

ඊයේ (29) පස්වරුවේ ජාතික ක්‍රීඩා සභාව විසින් පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාවක් සඳහා ජාතික ක්‍රීඩා සභාවේ කිසිඳු සාමාජිකයෙකු සහභාගි වී නොමැති බව වාර්තා වෙනවා.

ඒ පිළිබඳව දන්වමින් ක්‍රීඩා අමාත්‍යවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක සුදත් චන්ද්‍රසේකර මහතා ඊයේ (29) අර්ජුන රණතුංග මහතාට මෙම ලිපිය යොමු කර තිබෙනවා. අප සියලුදෙනාම ඔබව තවදුරටත් ජාතික ක්‍රිඩා සභාවේ සභාපති වශයෙන් පිළිනොගන්නා.. බව, යනුවෙන් එම ලිපියේ සඳහන් බව වාර්තා වෙනවා.

READ:   ඕමාන් ජයපැන් රැල්ලට තිත තැබූ ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්