කුලප්පු වූ වන අලියෙකුගේ පහරදීමෙන් රිටිගල වනජීවි කාර්යලයට අනියුක්තව සේවය කළ වනජීවි නිලධාරියෙකු මිය ගොස් තිබෙනවා.
පෙරේදා සවස ගලෙන්බිඳුණුවැව, පඬිකාරමඩුව ප්‍රදේශයේ දී ක්‍රියාත්මක කළ වනඅලි පලවාහැරීමේ මෙහෙයුමක් අතරතුර කුලප්පු වූ වනඅලියෙකු මෙලෙස නිලධාරියාට පහරදී තිබේ.
වනඅලියාගේ පහරකෑමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රිටිගල වනජීවී කලාප කාර්යාලයේ ප්‍රධාන වනජීවී නිලධාරි ජී. පි.ජේ. විජේකෝන් මහතායි.
වනඅලියාගේ පහරකෑමෙන් තුවාල ලැබූ තවත් සිවිල් ආරක්ෂක නිලධාරියෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ගලෙන්බිඳුණුවැව පොලිසිය පැවසුවා.


