මැතිවරණය සඳහා සුදුසුකම් නැති අපේක්ෂකයන් ද තරඟ කළ හැකි බවත් ඡන්දය ඉල්ලන අපේක්ෂකයාට ඒ සඳහා සුදුසුකම් තිබෙනවාද, යන්න පිළිබඳව ජනතාව සැලකිලිමත් විය යුතු බවත් හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.
ඡන්දය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයා ඉට සුදුස්සෙකු වීම සඳහා කරුණු රාශියක් බලපාන බවත් ඒ පිළිබඳව අපේක්ෂකයන් සහ ජනතාව අතර නිවැරදි දැනුවත් භාවයක් නොමැති බවත් එතුමා පෙන්වා දෙනවා.
නුසුදුසු අපේක්ෂකයින් ඡන්දය ඉල්ලලා ජයග්‍රාහණය කළද, සුදුසුකම් නැති බව සනාථ වුවහොත් පසුව එම ධූරය අහිමි විය හැකි බව එතුමා පැවසුවා. එවැනි අපේක්ෂකයන්ට එරෙහිව අධිකරණයේ නඩු පවතින බව එතුමා ප්‍රකාශ කළා.
ඡන්දය සඳහා විශාල අපේක්ෂකයන් පිරිසක් නාම යෝජනා භාර දී ඇති බැවින් එක් එක් අපේක්ෂකයා පිළිබඳව සොයා බැලීම තේරිම්භාර නිලධාරීන්ට ප්‍රයෝගිකව සිදු කළ නොහැකි බව එතුමා ප්‍රකාශ කරනවා.
යම් ඡන්ද අපේක්ෂකයෙකුගේ සුදුසුකම් පිළිබඳව ගැටලුවක් පවතින්නේ නම් ඕනෑම පුද්ගලයෙකුට තේරිම්භාර නිලධාරීන්ට, මැතිවරණ කොමිසමට, මැතිවරණ නිරීක්ෂණ සංවිධානය වලට දැනුම් දීම හෝ අධිකරණයට පැමිණිලි කිරීම කළ හැකි බව එතුමා පැවසුවා.
ඡන්ද අපේක්ෂකයෙකුගේ අපේක්ෂකත්වය නැති වන අවස්ථා අතුරින් කිහිපයක් හිටපු කොමසාරිස්වරයා පෙන්වා දෙනවා.
- පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් අතරට නොගන්නා රටවල් සමඟ බෑදීම් පැවතීම. එනම් පුරවැසිභාවය ප්‍රධාන වේ.
- ඡන්දය ඉල්ලන පළාත් පාලන අයතනයට කිසිම සම්බන්ධයක් නැතිවීම. උදාහරණ වෙනත් දිස්ත්‍රික්කයකින් පැමිණ තරඟ කිරීම වශයෙන්..
- ආයතන සංග්‍රහය යටතේ පාලනය වන ග්‍රාම නිලධාරි, සාම නිලධාරී, රජයේ මාණ්ඩලික නිලධාරියෙකු වීම.
- ඡන්දය ඉල්ලන පළාත් පාලන මැතිවරණ කොට්ඨාශයේම නිත්‍ය සේවකයෙකු වශයෙන් සේවය කිරීම. (නිත්‍ය සේවයෙන් අවුරුද්දකට පෙර ඉවත්ව තිබිය යුතුයි.)
- ප්‍රදේශිය ලේකම් කාර්යල, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල, ගොවිජන සේවා කාර්යාල වල සේවය කරන පුද්ගලයෙකු තමන් සේවය කරන බලප්‍රදේශය තුළ අපේක්ෂකයෙක් ලෙස තරඟ කිරීම.
වශයෙන්
සුදුසුකම්ලත් ඡන්ද අපේක්ෂකයෙකු වීම සඳහා බලපාන නීති විස්සකට අධික ප්‍රමාණයක් පවතින බව එතුමා ප්‍රකාශ කළා. එම නීති මැතිවරණ කොමිසමේ වෙබ් පිටුව තුළ සඳහන් කිරීමට නියමිත බවයි මහින්ද දේශප්‍රිය මහතා පැවසුවේ.
වැඩිදුරටත් එතුමන් දැක්වූ අදහස්
“පළාත් පාලන ආයතන තාම විසුරුවලා නෑ.. ඒ නිසා මාර්තු 19 වෙනකන් බලය තියෙනවා. හැබැයි බලය තිබ්බා කියලා රාජ්‍ය දේපල භාවිත කරලා අයුතුදේවල් කරන්න බෑ.. පොත් බෙදන්න, උත්සව තියන්න, ලවුස්පීකර් බැදන් තමන් කළ සේවය කරන්න කිසිදෙයක් බෑ..ඒවා තහනම්
කව්රුත් මේවා බලන්නෑ.. දේශපාලකයෝ ජනතාව මේවට උනන්දු වෙන්න ඕනී.. විශේෂයෙන් මාධ්‍ය ඔන්න ඕවා හොයලා බලන්න ඕනී. “
විස්තර සහිත එම විඩියෝව පහතින්,


