දේශීය

වංචා දූෂණ කරන දේශපාලකයන්ට වඩා ඉහළට ගිය මාෆියාවක් (VIDEO)

දේශපාලඥයින්ටත් වඩා ඉහළට ගොස් රාජ්‍ය සේවා මාෆියාව බලපෑම් කරන තත්වයක් උද්ගතව ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවූ මාධ්‍යවේදියෙක් ප්‍රකාශ කරනවා.

රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් තමන් ලියු සාක්ෂි සහිත පුවත් සම්බන්ධයෙන් අද (28) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා පැය තුන හමාරකට අධික කාලයක් ප්‍රශ්න කර සිටි බව ඔහු පවසනවා.

මාධ්‍යවේදීන්ට මාධ්‍ය නිදහස භාවිතා කිරීමට හා සාක්ෂි සහිතව යමක් ලිවීමේ හැකියාව නැති තත්වයක් ඇතිව ඇති බව ඔහු ප්‍රකාශ කළා.

වංචා දූෂණ හෙළිකරමින් දේශපාලනඥයින් ගැන තමන් ලියූ කිසිවක් මෙහිදී ප්‍රශ්න නොකළ බවත් ආරක්ෂක ලේකම්, පොලිස්පති ඇතුළු රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් ලියූ පුවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්න කර සිටි බවත් ඔහු පෙන්වා දෙනවා.

නිත්‍යානුකූල නොවන ආකාරයට ඉහළ රාජ්‍ය නිලධාරීන් සිදුකරන මෙම රාජ්‍ය සේවා මාෆියාවට විරුද්ධව සියලු දෙනා එකතු විය යුතු බව ඔහු මෙහිදී අවධාරණය කර සිටියා.

විස්තර සහිත විඩියෝව පහතින් ,

Recent Posts

නන්දා මාලිනිය නිහඬ කළ හඬ | රටක් ශෝක වන දින තුනක්

ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…

4 days ago

ගොවියා සවි බල ගන්වන. සිලෝන් ග්‍රින් ලයිෆ් ප්ලාන්ටේෂන් “ජාතික ගොවි පවුර” ව්‍යාපෘතිය මොනරාගලින් අරඹයි

ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…

4 days ago

රටේ තීරණාත්මක සිද්ධියක් යන වෙලාවේ ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් කැපී පෙනෙන ලිපියක්..!

උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…

6 days ago

පනත් කෙටුම්පත් දෙකකට කථානායකගේ සහතිකය

සත්ව (සංශෝධන) සහ පාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) යන පනත් කෙටුම්පත් සඳහා ගරු…

6 days ago

අසත්‍ය LTTE පුහුණු කඳවුරු තොරතුරු සමාජ මාධ්‍යට මුදාහළ පුද්ගලයෙකු අත්අඩංගුවට

සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පටයක් හා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් තහවුරු නොවූ අසත්‍ය කරුණු ප්‍රචාරය කළ…

6 days ago