දේශීය

වංචා දූෂණ කරන දේශපාලකයන්ට වඩා ඉහළට ගිය මාෆියාවක් (VIDEO)

දේශපාලඥයින්ටත් වඩා ඉහළට ගොස් රාජ්‍ය සේවා මාෆියාව බලපෑම් කරන තත්වයක් උද්ගතව ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවූ මාධ්‍යවේදියෙක් ප්‍රකාශ කරනවා.

රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් තමන් ලියු සාක්ෂි සහිත පුවත් සම්බන්ධයෙන් අද (28) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා පැය තුන හමාරකට අධික කාලයක් ප්‍රශ්න කර සිටි බව ඔහු පවසනවා.

මාධ්‍යවේදීන්ට මාධ්‍ය නිදහස භාවිතා කිරීමට හා සාක්ෂි සහිතව යමක් ලිවීමේ හැකියාව නැති තත්වයක් ඇතිව ඇති බව ඔහු ප්‍රකාශ කළා.

වංචා දූෂණ හෙළිකරමින් දේශපාලනඥයින් ගැන තමන් ලියූ කිසිවක් මෙහිදී ප්‍රශ්න නොකළ බවත් ආරක්ෂක ලේකම්, පොලිස්පති ඇතුළු රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් ලියූ පුවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්න කර සිටි බවත් ඔහු පෙන්වා දෙනවා.

නිත්‍යානුකූල නොවන ආකාරයට ඉහළ රාජ්‍ය නිලධාරීන් සිදුකරන මෙම රාජ්‍ය සේවා මාෆියාවට විරුද්ධව සියලු දෙනා එකතු විය යුතු බව ඔහු මෙහිදී අවධාරණය කර සිටියා.

විස්තර සහිත විඩියෝව පහතින් ,

Recent Posts

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

2 days ago

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

3 days ago

“ඉන්දිරා පිළිකා භාරය නිර්මාණය කරන්නට මූල බීජය වූ කරුණා දයාවේ ප්‍රතිමූර්තිය ඉන්දිරා”

සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…

5 days ago

අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කරයි

සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…

6 days ago

Sharing Buddhist Teachings Through Social Media and AI: The Journey of Udarsha Udakara

By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…

6 days ago