Monday, April 20, 2026
Homeදේශීයයාපනයේ දී වෙච්ච දේ වසන්ත මුදලීගේ කියයි (VIDEO)

යාපනයේ දී වෙච්ච දේ වසන්ත මුදලීගේ කියයි (VIDEO)

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කරන ලෙස ඉල්ලා පසුගිය 25 වනදා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ විසින් යාපනයේ දී පැවැත්වූ සම්මන්ත්‍රණයට යාපනයේ ජනතාව විරෝධය දැක්වූවා කියන පුවත සම්බන්ධයෙන් වසන්ත මුදලීගේ අදහස් පළ කර සිටිනවා.

මුහුණ පොත තුළ සටහනක් තබමින් ඔහු මේ පිළිබඳව අදහස් පළ කර තිබුණා.

ඩග්ලස් දේවානන්ද මහතා ඇතුළු විසි පහක් පමණ පිරිසක් සම්මන්ත්‍රණය පවත් වන ස්ථානය ඉදිරිපිට ට පැමිණ අප පවසන එවැනි ආකාරයේ ප්‍රශ්න ඔවුන්ට නැති බව පවසා යම් විරෝධතාවයක නියැලුණු බව වසන්ත මුදලීගේ සඳහන් කරනවා.

එනිසා යාපනයේ ජනතාව යාපනයේ දී අන්තරේ සම්මන්ත්‍රණයට විරෝධය දැක්වූවා කියන පුවත E.P.D.P පක්ෂයේ පිරිසක් යාපනයේ දී විරුද්ධ වූවා ලෙස වෙනස් විය යුතු බව වසන්ත මුදලීගේ පවසනවා.

සම්මන්ත්‍රණය වඩාත් සාර්ථකව සිදු කළ බවත් යාපනයේ ජනතාව තමන් ඇතුළු පිරිස වඩාත් ලෙන්ගතුව පිළිගත් බවත් ලඟදීම නැවත යාපනයට යන්න බලාපොරොත්තු වෙන බවත් වසන්ත මුදලීගේ වැඩිදුරටත් පවසා තිබුණා.

විස්තර සහිත අදාළ දර්ශන පහතින්,

READ:   තෙල් සේවකයෝ අඛණ්ඩ සත්‍යග්‍රහයක
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්