දේශීය

නොමිලේ සහල් බෙදා දීම කොළඹින් ඇරඹේ

අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 29කට නොමිලේ සහල් බෙදාදීමේ වැඩසටහන ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) කොළඹ දිස්ත්‍රික්කයෙන් ආරම්භ විය.

තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් දෙමටගොඩ, නාරාහේන්පිට සහ වැල්ලවත්ත ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් එම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.

ඒ අනුව දෙමටගොඩ, මිහිඳුසෙන්පුර ප්‍රජා ශාලාවේදී ප්‍රතිලාභීන් 995 දෙනෙකු වෙනුවෙන් ද, නාරාහේන්පිට දාබරේ මාවත ප්‍රජා ශාලාවේ දී ප්‍රතිලාභීන් 448 දෙනෙකු වෙනුවෙන් ද, වැල්ලවත්ත රන්ජන් විජේරත්නපුර ප්‍රජා ශාලවේ දී ප්‍රතිලාභීන් 169 දෙනෙකු වෙනුවෙන් ද සහල් මලු බෙදාදීම සිදු විය.

2022/ 2023 මහ කන්නයේ රජයේ වී මිලදී ගැනීම් සහ වී තොග බැහැර කිරීමේ වැඩසටහන යටතේ අඩු ආදායම්ලාභී පවුල් වෙත නොමිලේ මෙම සහල් බෙදා දීමේ වැඩසටහන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාවට නංවා තිබේ. එක් පවුලකට මසකට සහල් කිලෝග්‍රෑම් 10 බැගින් මාස දෙකක් සඳහා නොමිලේ බෙදා දෙනු ලබයි.

මෙම සහල් සහනාධාරය මීට පෙර පවුල් ලක්ෂ 20කට ලබා දීමට සැලසුම් කර තිබුණ ද පසුව එය ලක්ෂ 29 දක්වා වැඩි කිරීමට ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි පියවර ගැනුණු අතර කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, රත්නපුර, ගාල්ල, මාතර ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක පළමු අදියර යටතේ වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

දෙමටගොඩ, මිහිඳුසෙන්පුර ප්‍රජා ශාලාවේ පැවති වැඩසටහනේ දී අදහස් දැක්වූ සාගල රත්නායක මහතා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාව ආගාධයකට යමින් තිබු අවස්ථාවකදි එහි හැරවුමක් සනිටුහන් කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් වැඩසහනින් හැකියාව ලැබුණු බවයි.

:ජනාධිපති මාධ්‍ය අංශය

Recent Posts

ඉන්ධන සහනාධාරයක් -ජනපති ගම්පහදී කියයි.

‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…

20 hours ago

ඉන්ධන බලාගාර මාෆියාවේ කොමිස්වලට යටවූ වත්මන් රජය සූර්ය බලශක්තිය විනාශ කරන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා-විපක්ෂ නායක

බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…

21 hours ago

පොල්දූව මංසන්ධියේ දී සමගි ජන බලවේගය විසින් 22ට එරෙහිව සංවිධානය කර තිබූ උද්ඝෝෂණය

මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…

5 days ago

Colombo Dockyard Highlights Sri Lanka’s Maritime Capabilities on World Maritime Day 2026

Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…

5 days ago

පාස්කු ප්‍රහාර නඩුවේ විත්තිකරුවන් 15කට වරදකරු බවට තීන්දුවක් – 9ක් නිදොස් කොට නිදහස්

සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…

7 days ago

සීගිරියට අලුත් පෙනුමක්: ඩොලර් මිලියන 30ක සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය ඇරඹේ

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…

1 week ago