මිස් ටීන් පැජන්ට් එකේ දී රත්තරන් බඩු නැති වුණා කියන සිද්ධියක් සම්බන්ධයව එම තරඟකරුවන් ඉදිරිපත් කළ ගුරුවරයා විසින් එම තරඟකරුවන් ද සමඟ අද (25) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වා තිබෙනවා.
අදාළ තරඟවටයන් සඳහා ඉදිරිපත් වෙද්දී රන් ආභරණ නොපැළඳ එන ලෙස තමන් තරඟකාරියන්ගෙන් ඉල්ලා සිටි බව කණ්ඩායමේ පුහුණුකරු ප්‍රකාශ කළා.
තරඟවාලියක් අතරතුර සිසුන්ගේ ආරක්ෂාව පිළිබඳව කටයුතු කිරීමට මිස පුද්ගලික රන් ආභාරණ පරිස්සම් කිරීමට තමන් බැදී නොසිටින බව ඔහු පෙන්වා දෙනවා.
කණ්ඩායමේ පුහුණුකරු වශෙයන් ඔහු තම වගකීම නිසි ලෙස ඉටු කර ඇති බව තරඟාවලියට ඉදිරිපත් වන තරඟකාරිනියකගේ මවක් මාධ්‍ය හමුවට එක්වෙමින් පැවසුවා.
තරඟාවලිය අතරතුර තම රන් ආභරණ නැති වූ බව පවසා අදාළ ආයතනයට චෝදනා කරන විඩියෝවක් තරඟකාරිනියන් දෙදෙනෙකු විසින් පසුගියදා සමාජ මාධ්‍යයට එක් කර තිබුණා.
විස්තර සහිත විඩියෝව පහතින්,
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…