දේශීය

පැජන්ට් ගිය අක්කා නංගීගේ රත්‍රං බඩු චෝදනාවේ “සර්” චෝදනාවට උත්තර දෙයි (VIDEO)

මිස් ටීන් පැජන්ට් එකේ දී රත්තරන් බඩු නැති වුණා කියන සිද්ධියක් සම්බන්ධයව එම තරඟකරුවන් ඉදිරිපත් කළ ගුරුවරයා විසින් එම තරඟකරුවන් ද සමඟ අද (25) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වා තිබෙනවා.

අදාළ තරඟවටයන් සඳහා ඉදිරිපත් වෙද්දී රන් ආභරණ නොපැළඳ එන ලෙස තමන් තරඟකාරියන්ගෙන් ඉල්ලා සිටි බව කණ්ඩායමේ පුහුණුකරු ප්‍රකාශ කළා.

තරඟවාලියක් අතරතුර සිසුන්ගේ ආරක්ෂාව පිළිබඳව කටයුතු කිරීමට මිස පුද්ගලික රන් ආභාරණ පරිස්සම් කිරීමට තමන් බැදී නොසිටින බව ඔහු පෙන්වා දෙනවා.

කණ්ඩායමේ පුහුණුකරු වශෙයන් ඔහු තම වගකීම නිසි ලෙස ඉටු කර ඇති බව තරඟාවලියට ඉදිරිපත් වන තරඟකාරිනියකගේ මවක් මාධ්‍ය හමුවට එක්වෙමින් පැවසුවා.

තරඟාවලිය අතරතුර තම රන් ආභරණ නැති වූ බව පවසා අදාළ ආයතනයට චෝදනා කරන විඩියෝවක් තරඟකාරිනියන් දෙදෙනෙකු විසින් පසුගියදා සමාජ මාධ්‍යයට එක් කර තිබුණා.

විස්තර සහිත විඩියෝව පහතින්,

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

1 day ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

2 days ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

3 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

3 days ago