Saturday, May 2, 2026
Homeවිදේශීයඅනුර කුමාරට උප අගමැති ධුරයක් සඳහා යෝජනාවක් (VIDEO)

අනුර කුමාරට උප අගමැති ධුරයක් සඳහා යෝජනාවක් (VIDEO)

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකට උප අගමැති ධූරයක් ලබා දීමට යෝජනා කරන බව පොදු ජන පෙරමුණේ තිස්ස කුට්ටිආරච්චි මහතා පවසනවා.

රට වැටී තිබෙන තත්වයෙන් ගොඩ ගැනීම සඳහා සියලු දෙනාට වගකීම් පැවරිය යුතු බවත් පාට පක්ෂ භේද නොතකා ඒ සඳහා සියලු දෙනා එකතු විය යුතු බවත් ඔහු පෙන්වා දෙනවා.

පොදු ජන පෙරමුණේ අද (23) පැවති මාධ්‍ය හමුවක් අමතමින් තිස්ස කුට්ටිආරච්චි මහතා මේ බව ප්‍රකාශ කළා.

ආණ්ඩුවට නොපැමිණ වුවද රට ගොඩ ගැනීම වෙනුවෙන් තමන්ට හැකි වගකීමක් ගෙන එය ඉටුකර පෙන්වීමට තමන් අනුර කුමාර දිසානායකට ආරාධනා කර සිටින බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

අදාළ දර්ශන පහතින්,

READ:   කොළඹට පැය 24 ක ජල කප්පාදුවක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්