දේශීය

IMF තීන්දුව අද රාත්‍රියේදී

ශ්‍රී ලංකාව විසින් ලබා ගැනීමට අපේක්ෂිත විස්තීර්ණ ණය පහසුකම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය හෙට (21) රැස්වීමට නියමිතය.

ඉන් අනතුරුව මෙම විධායක මණ්ඩල සාකච්ඡාව පිළිබඳ දැනුම් දීම සඳහා මාධ්‍ය හමුවක් පැවැත්වීමට සංවිධාන කර තිබෙන අතර එම මාධ්‍ය හමුව එක්සත් ජනපද වේලාවෙන් පස්වරුවේ පැවැත්වෙන බව ද එය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට (21) පෙරවරුවේ සිදුවන බව ද මුදල් අමාත්‍යාංශය පවසයි.  මෙම මාධ්‍ය හමුව සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් (Peter Breuer) සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී Masahiro Nozaki එක්වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් විසින් එක්සත් ජනපද ඩොලර් බිලියන 2.9ක පමණ විස්තීර්ණ ණය පහසුකම යටතේ මාස 48ක වැඩපිළිවෙළක් සමඟ ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්තිවලට සහය වීම සඳහා නිලධාරී මට්ටමේ එකඟතාවකට පසුගිය 2022 වසරේ සැප්තැම්බර් මාසයේ දී එළැඹී ඇත.

සාර්ව ආර්ථික ස්ථායීතාව සහ ණය තිරසරභාවය ස්ථාපිත කරන අතර, මූල්‍ය ස්ථායීතාව ආරක්ෂා කිරීම, අවදානමට ලක් විය හැකි පුද්ගලයන් ආරක්ෂා කිරීම සහ වංචා හා දූෂණ සිදුවීමේ අවදානම් වැළැක්වීම හා ශ්‍රී ලංකාවේ වර්ධන විභවය ළඟාකර ගැනීම සඳහා වන ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ වේගවත් කිරීම ශ්‍රී ලංකාවට ලබාදුන් නව ණය ආධාර වැඩසටහනේ අරමුණු වෙයි.

ණය තිරසරභාවය සහතික කිරීමට සහ මූල්‍ය පරතරය පියවීම සඳහා ශ්‍රී ලංකාවේ ණය හිමියන්ගෙන් ණය සහන ලබාගැනීම සහ බහුපාර්ශ්වික පාර්ශ්වකරුවන්ගෙන් අමතර මූල්‍යකරණයන් අවශ්‍ය වේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට මූල්‍ය ආධාර සැපයීමට පෙර ශ්‍රී ලංකාවේ නිල ණය හිමියන්ගෙන් ණය තිරසරභාවය ස්ථාපනය කිරීම සඳහා මුල්‍යකරණය සහතික කර ගැනීමට සහ පෞද්ගලික ණය හිමියන් සමඟ සහයෝගිතා ගිවිසුමකට එළැඹීමට සද්භාවයෙන් යුතුව ප්‍රයත්න දැරීම ඉතා වැදගත් විය.

ඒ අනුව ඉන්දියාව, චීනය, පැරිස් සමාජය, සෞදි අරාබියාව, පාකිස්තානය, හංගේරියාව සහ කුවේටය යන රටවල් ශ්‍රී ලංකාවට ලබා දී තිබෙන ණය ප්‍රතිව්‍යුහගතකරණයට අවශ්‍ය පියවර ගන්නා බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත සහතිකයක් ලබා දී තිබේ.

වොෂිංටන්නුවර අද (20) රැස්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය ලැබුණු වහාම ඩොලර් මිලියන 300ක පළමු ණය මුදල මෙම මස අගදී මෙරටට ලැබෙනු ඇතැයි මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා විශ්වාසය පළ කළේය.

ජයසිරි මුණසිංහ, මහින්ද අලුත්ගෙදර

උපුටා ගැනීම – දිනමිණ පුවත්පත

Recent Posts

සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ ප්‍රථම තොග අලෙවි මධ්‍යස්ථානය අද මාතරදී විවෘත කෙරේ

සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ (ජාතික සතොස) ප්‍රථම තොග අලෙවි මධ්‍යස්ථානය අද (11) මාතරදී විවෘත කිරීමට…

6 days ago

රඹෑව බස් අනතුරෙන් 5 දෙනෙකු මරුට

 රඹෑව ප්‍රදේශයේදී බස් 3ක් ගැටී සිදුවූ අනතුරෙන් 5 දෙනෙකු මියගොස් තිබේ. අනතුරට ලක් වුණේ, ලංගම…

1 week ago

Anyone Can Post, But Should Everyone Be Believed?

One Lie is Small. A Pyramid of Them Looks Like the Truth. By Dinesh Abeywickrama…

1 week ago

ආසියා ශාන්තිකර කලාපීය විද්‍යුත් විකාශකයින්ගේ සංගමයේ මහා සමුළුවේ සමාරම්භක උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

කැපිටල් මහාරාජා සභාපති ශෂී රාජ මහේන්ද්‍රන් හා කැපිටල් මහාරාජා සමූහ අධ්‍යක්ෂ ෂෙවාන් ඩැනියෙල් සමඟ ජනපති…

2 weeks ago

ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායකගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි

ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ වාමාංශික දේශපාලන ක්‍රියාකාරිකයෙකු සහ ජාතික ජන බලවේගයේ (NPP) විධායක සභික අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ…

2 weeks ago

ප්‍රදේශ කිහිපයක අදත් හවසට වැස්ස

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…

2 weeks ago