Wednesday, April 22, 2026
Homeදේශීයඅරගල කරනවා නම් ජනතාව තවත් පීඩාවට පත් නොකර කළ යුතුයි - කේ.ඩී....

අරගල කරනවා නම් ජනතාව තවත් පීඩාවට පත් නොකර කළ යුතුයි – කේ.ඩී. ලාල්කාන්ත

අරගල කරනවා නම් තවදුරටත් ජනතාව පීඩාවට පත් නොවන ආකාරයට එය සිදු කළ යුතු බව ජාතක ජන බලවේගයේ විධායක කමිටු සමාජික කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසනවා.

පාලකයන්ට විරුද්ධව කරන අරගලයක් පාලකයන්ට පමණක් දැනෙන ආකාරයට සිදු කිරීමට ඒ සඳහා නායකත්වය ලබා දිය යුතු බවත් පාලකයන් ඊට දක්වන ප්‍රතිචාර අනුව ගැළපෙන ඉදිරි ක්‍රියාමාර්ග ගත යුතු බවත් ලාල්කාන්ත මහතා ප්‍රකාශ කරනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාරට බැහැලා අරගල , උද්ඝෝෂණ, වැඩවර්ජන පැවැත්වීමට අයිතිය හිමිවුවත් රටේ ජනතාව අන්ත පීඩාවකට පත්ව සිටින මෙවැනි අවස්ථාවක එම ජනතාව තවදුරටත් පීඩාවට පත් නොකරන ආකාරයට සටන් ක්‍රියාමාර්ග තෝරාගත යුතු බව ඔහු ප්‍රකාශ කළා.

සමහර අය අඛණ්ඩ වර්ජනයක් ගැන කතා කළත් අරගලයේ ප්‍රතිඵල වලට පාලකයන් දක්වන ප්‍රතිචාරය කුමක්ද ? යන්න බලලා ධනාත්මක ප්‍රතිචාර තිබ්බොත් සරිලන ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම වැදගත් බව ඔහු පෙන්වා දෙනවා.

අරගලයට පාලකයන් සෘණාත්මක ප්‍රතිචාර දක්වන්නේ නම් ඊට පස්සේ ඒ සඳහා ගැලපෙන මාර්ගයක් තෝරාගත යතු බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

READ:   වැඩ කරපු මනුස්සයා හැංඟිලා ගිනි තියපු එකා වීරයා වෙලා - නාමල් රාජපක්ෂ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්