මහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සියලු කාර්ය මාණ්ඩලවල නිවාඩු අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
2023.02.27 දිනැති 2321/07 දරන රජයේ අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව ශ්‍රී ලංකා දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට අතිගරු ජනාධිපතිතුමා විසින් ප්‍රකාශයට පත්කර ඇත.
ඒ අනුව 1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ 2 වන වගන්තිය ප්‍රකාරව අත්‍යවශ්‍ය මහජන සේවාවක් ලෙස ප්‍රකාශ කර ඇති ශ්‍රී ලංකා දුම්රිය සේවයේ සියලුම කාර්ය මණ්ඩලවල නිවාඩු 2023.03.14 වන දින සිට වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා විසින් පියවර ගෙන තිබේ.
එම නිවේදනයට අනුව දුම්රිය සේවාව අඛණ්ඩව සහ කාර්යක්ෂම පවත්වාගෙන යෑම සඳහා 2023.03.15 දින සේවයට වාර්තා නොකරන සියලු නිලධාරීන්ගෙන් ඒ පිළිබඳව නිදහසට කරුණු විමසා තමන් වෙත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස දුම්රිය සාමාන්‍යාධිකාරි ඩබ්ලිව් ඒ ඩී එස් ගුණසිංහ මහතා විසින් දෙපාර්තමේන්තුව සියලු ප්‍රධානීන් වෙත දන්වා ඇත.
අද (14) මධ්‍යම රාත්‍රියේ සිට පැය 24ක අඛන්ඩ වර්ජනයක නිරත වන බව ලොකොමොටිවි දුම්රිය රියදුරු සංගමය අද ප්‍රකාශ කර තිබුණා.
:රජයේ මාධ්‍ය අංශය
අද වන විට වී ගොවිතැන ඇතුළු කෘෂිකර්මාන්තයේ නියලෙන ජනතාව මහා කම්පනයකට ලක්ව අසාධාරණකම් රැසකට මුහුණ…
පිහිනුම් ක්‍රීඩාවේ සංවර්ධනය ඉලක්ක කර ගනිමින් සුගතදාස පිහිනුම් තටාකයේ වසර 25ක් පැරණි විද්‍යුත් කාල පද්ධතිය…
ඉන්දියාවේ මධ්‍යම අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් (Dharmendra Pradhan) සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඔහුගේ ඉල්ලා…
ලොව පුරා කාලගුණික රටා සැලකිය යුතු ලෙස වෙනස් කළ හැකි El Niño සංසිද්ධිය 2026 වසරේදී…
විදුලි මෝටර් රථ (EV) සඳහා ඇති ඉල්ලුම ලොව පුරා වේගයෙන් ඉහළ යමින් පවතින අතර, නවතම…
Veteran Sri Lankan actor Mahendra Perera has won the Best Actor award at the Malaysia…