මහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සියලු කාර්ය මාණ්ඩලවල නිවාඩු අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
2023.02.27 දිනැති 2321/07 දරන රජයේ අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව ශ්‍රී ලංකා දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට අතිගරු ජනාධිපතිතුමා විසින් ප්‍රකාශයට පත්කර ඇත.
ඒ අනුව 1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ 2 වන වගන්තිය ප්‍රකාරව අත්‍යවශ්‍ය මහජන සේවාවක් ලෙස ප්‍රකාශ කර ඇති ශ්‍රී ලංකා දුම්රිය සේවයේ සියලුම කාර්ය මණ්ඩලවල නිවාඩු 2023.03.14 වන දින සිට වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා විසින් පියවර ගෙන තිබේ.
එම නිවේදනයට අනුව දුම්රිය සේවාව අඛණ්ඩව සහ කාර්යක්ෂම පවත්වාගෙන යෑම සඳහා 2023.03.15 දින සේවයට වාර්තා නොකරන සියලු නිලධාරීන්ගෙන් ඒ පිළිබඳව නිදහසට කරුණු විමසා තමන් වෙත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස දුම්රිය සාමාන්‍යාධිකාරි ඩබ්ලිව් ඒ ඩී එස් ගුණසිංහ මහතා විසින් දෙපාර්තමේන්තුව සියලු ප්‍රධානීන් වෙත දන්වා ඇත.
අද (14) මධ්‍යම රාත්‍රියේ සිට පැය 24ක අඛන්ඩ වර්ජනයක නිරත වන බව ලොකොමොටිවි දුම්රිය රියදුරු සංගමය අද ප්‍රකාශ කර තිබුණා.
:රජයේ මාධ්‍ය අංශය
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…