Thursday, September 10, 2026
Homeදේශීයපන්දම් අරන් විරෝධතාකරුවන් පාරට (VIDEO)

පන්දම් අරන් විරෝධතාකරුවන් පාරට (VIDEO)

අසාධාරණ විදුලි බිල සහ බඩු මිල ඉහළ යෑමට එරෙහිව විරෝධය දක්වමින් ගෝල්ෆේස් අරගලකරුවන්, වෘත්තීය සමිති ක්‍රියාකාරින් ඇතුළු නුගේගොඩ ජනතාව විසින් ඊයේ (13) රාත්‍රියේ නුගේගොඩ දී පන්දම් විරෝධතාවයක් පැවැත්වුවා.

දරාගත නොහැකි අසාධාරණ විදුලි බිල නොගෙව සිටීමට ජනතාව තීරණය කර ඇති බවත් එළඹෙන සතිය වන විට සියලු වෘත්තීය ක්‍රියාකාරීන් රජයේ මෙවැනි අසාධාරණ තීරණයන්ට එරෙහිව දීපව්‍යාප්ත වැඩවර්ජන සඳහා පාරට එන බවත් විරෝධතාකරුවන් මාධ්‍යයට ප්‍රකාශ කළා.

සති පතා මෙම විරෝධතාවය පවත්වා ගෙන යන බව විරෝධතාකරුවන් පැවසුවා.

වැඩි කළ විදුලි බිල වහාම අඩු කරන ලෙස ආණ්ඩුවට බලකර සිටින බව ඔවුන් අවධාරණය කර සිටියා.

ඊට අදාළ දර්ශන පහතින්,

READ:   Rosamund Pike Visits Sri Lanka as Country Marks Clearance of One Million Landmines
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්