දේශීය

ඉහළම තනතුරේ සිට පාර අතුගාන තැන දක්වා දූෂණයෙන් පිරිලා – හිටපු විගණකාධිපති (VIDEO)

රටේ දූෂණය නිසා ජනතාව අරගලයක් දක්වා පැමිණි බවත් රටේ ඉහළම තැන සිට සිදුවෙන දූෂණය ගැන කතාකිරීමට විගණකාධිපතිවරයා තරම් සදුස්සෙකු නැති බවත් හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා පවසනවා.

නිර්පාක්ෂික අරගලකරුවන් විසින් පසුගියදා ජනතා විප්ලවයක් මැයෙන් සංවිධානය කර තිබූ විශේෂ වැඩසටහනට සහභාගිවෙමින් හිටපු විගණකාධිපතිවරයා මෙම අදහස් පළ කළා.

රටේ ඉහළම තනතුරේ සිට පහළම තනතුර දක්වා මෙරට සියලු රාජ්‍ය ආයතන දූෂණයෙන් පිරි පවතින බව ඒ මහතා පෙන්වා දෙනවා.

විගණකාධිපතිවරයා විසින් වාර්ෂිකව රාජ්‍ය ආයතන 1500 ක වංචා දූෂණ පිළිබඳ වාර්තා සකස් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලත් ඒ කිසිඳු වාර්තාවක් පිළිබඳව නිසි පියවරක් රජය විසින් නොගන්නා බව ඒ මහතා අවධාරණය කරනවා.

එවැනි දූෂණයෙන් පිරුණු රටක ජීවත් වෙන ජනතාව ද දේශපාලන වශයෙන් බෙදී වෙන්වී හැසිරෙන මෝඩ ජනතාවක් බවට පත්ව ඇති බව ඔහු වැඩිදුරටත් පැවසුවා.

විස්තර සහිත විඩියෝව පහතින්,

Recent Posts

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

2 days ago

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

2 days ago

“ඉන්දිරා පිළිකා භාරය නිර්මාණය කරන්නට මූල බීජය වූ කරුණා දයාවේ ප්‍රතිමූර්තිය ඉන්දිරා”

සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…

4 days ago

අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කරයි

සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…

5 days ago

Sharing Buddhist Teachings Through Social Media and AI: The Journey of Udarsha Udakara

By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…

5 days ago