Thursday, July 30, 2026
Homeදේශීයපොලොන්නරු ගොවීන්ගෙන් ජනපතිට සම්මානයක්

පොලොන්නරු ගොවීන්ගෙන් ජනපතිට සම්මානයක්

ආර්ථික අර්බුදය හමුවේ වුවද ගොවි ජනතාවට අවශ්‍ය පොහොර නිසි වේලාවට ලබාදීම සම්බන්ධයෙන් පොළොන්නරුව ගොවීහු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය ප්‍රසාදය පළ කළහ.

පොළොන්නරුව මින්නේරිය ප්‍රදේශයේ අද (02) පැවති උත්සවයකට සහභාගි වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව හමුවූ පොළොන්නරු දිස්ත්‍රික් ගොවිජන සංවිධානයේ සභාපති ආනන්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ගොවීහු මෙලෙස සිය සංගමයේ ප්‍රසාදය ජනාධිපතිවරයා වෙත පළ කර සිටියහ.

ගොවි ජනතාව වෙනුවෙන් ඉටුකළ එම මෙහෙවර අගයමින් “රන් වී කරල” නමින් වූ උපහාර තිළිණය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පිළිගැන්වීම ද මෙහිදී සිදු විය.

: ජනාධිපති මාධ්‍ය අංශය

READ:   "අපි ගරුකරනවා වගේ අපිටත් ගරුකරන්න" - ක්‍රීඩා ඇමති ICCයට කියයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්