අවශ්‍ය වැඩ ටික කර ගැනීම සඳහා පමණක් පොහොට්ටුවේ පිරිස ජනාධිපතිවරයාට සමීපව ඇති බවත් ඡන්දයක් ආ විගස ඔවුන් ජනාධිපතිවරයා අතහැර යන බවත් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මරික්කාර් මහතා පවසනවා.
ලබන අවුරුද්දේ අගෝස්තු වන තෙක් ජනාධිපතිවරයාගේ ධූර කාලය තිබෙන නිසා තම අවශ්‍යතා ඉටු කර ගැනීමට ගැනීමට පොදු ජන පෙරමුණ එලෙස කටයුතු කරන බව මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.
පොහොට්ටුවට යම් ප්‍රමාණයක ඡන්ද පදනමක් තිබෙන බව සත්‍යයක් වුවද ඡන්දයකදී ඔවුන්ගෙන් පිරිසකට ගෙදර යෑමට සිදු වන බවත් ඉතිරි පිරිස අනෙකුත් පක්ෂ සමඟ එකතුවිය හැකි බවත් ඉතිරි සුළු පිරිස පොහොට්ටුවේම රැදී සිටින බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.
සමඟි ජන බලවේගයේ අද (02) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මරික්කාර් මහතා මෙම අදහස් පළ කර සිටියා.
එම විඩියෝව පහතින්,


