Tuesday, August 25, 2026
Homeදේශීයවිශ්වවිද්‍යාල සිසුන්ගේ ශිෂ්‍යභාවය අහෝසි විය හැකි අලුත්ම විදිහ

විශ්වවිද්‍යාල සිසුන්ගේ ශිෂ්‍යභාවය අහෝසි විය හැකි අලුත්ම විදිහ

විශ්වවිද්‍යාල සඳහා ඇතුළත් කර ගන්නා සිසු සිසුවියන් ගෙන් පොරොන්දු සහතිකයක් ලබා ගැනීමට කටයුතු කරන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් ප්‍රකාශ කරනවා.

විශ්වවිද්‍යාල තුළ දේපළවලට හානි නොකරන බවට සහ විශ්ව විද්‍යාල පරිශ්‍රය තුළ කලහකාරී සිද්ධි ඇති කර නොගන්නා බවට සිසුන්ගෙන් මෙම පොරොන්දු සහතිකය ලබා ගැනීමට නියමිත බව අමාත්‍යවරයා පවසනවා.

එය සමාජ සම්මුතියක් බැවින් එම සම්මුතිය බිඳදමන සිසු සිසුවියන්ට එරෙහිව නීතිමය පියවර ගෙන ශිෂ්‍යභාවය අහෝසි කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළ බව වාර්තා වෙනවා.

READ:   තුර්කි භූ කම්පනයේ මිය ගිය සංඛ්‍යාව 20,000 ඉක්මවයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්