දේශීය

ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරනවා නම් දේශපාලන වාසි නොතකා ඡන්ද ක්‍රමය ඩිජිටල් කළ යුතුයි!

ප්‍රජාතන්ත්‍රවාදයටත් ජනතා පරමාධිපත්‍යයටත් ගරු කරන්නේ නම් දේශපාලන වාසි නොබලා අනාගත මැතිවරණ දැක්මක් උදෙසා මෙරට ඡන්ද ක්‍රමය ඩිජිටල්කරණය කළ යුතු බවත්, එමගින් මැතිවරණ සඳහා දැරිය යුතු අධික වියදම සහ කාර්ය මණ්ඩලය අවම වන බවත්, එය අනාගත ආයෝජනයක් මිස වියදමක් නොවන බවත් ශ්‍රී ලංකා ඩිජිටල් පුරවැසි සංගමය පැවැසීය.
ඒ ඩිජිටල් මැතිවරණ ක්‍රමයක් උදෙසා ශ්‍රී ලංකා ඩිජිටල් පුරවැසි සංගමයේ කැදවුම්කරු අමන්ද රණසිංහ විසින් අද දින පැවැත් වූ මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමිනි. එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා ඩිජිටල් පුරවැසි සංගමයේ කැඳවුම්කරු අමන්ද රණසිංහ මෙසේ ද පවසා සිටියේ ය.
අපේ අරමුණ ඩිජිටල් ශ්‍රී ලංකාවක් බිහිකිරීම. තැපැල් ඡන්දයට අවශ්‍ය දිනයට ඡන්ද පත්‍රිකා ලබා දීමට නොහැකි වීමේ හේතුව මත මැතිවරණය අවුරුද්දකින් කල් යන බව රජයේ පාර්ශ්ව කියනවා.
මේ මැතිවරණයේ මුද්‍රණ වියදම විතරක් රුපියල් බිලියන 4.1ක්. ඇයි අපට මැතිවරණය ඩිජිටල්කරණය කරලා ඉලෙක්ට්‍රොනික ඡන්ද ක්‍රමයකට යන්න බැරි?
අයවැයෙන් මැතිවරණයට බිලියන දහයක් වෙන් කළා. ඒකෙන් බිලියන 4.1ක් ම මුද්‍රණ වියදම්. ප්‍රවාහන වියදම්, නිලධාරි වැටුප්, ආහාර, ආරක්ෂක වියදම් ඇතුළු ලොකු වියදමක් යනවා. පළාත් පාලන මැතිවරණයකට ඒක ලොකු මුදලක්. මැතිවරණය ඩිජිටල්කරණය කළොත් අර තරම් වියදමක් යනව ද?
අපි රජයෙන් අහන්නේ 2048 සමෘද්ධිමත් රටකට යන්න නම් මේ වන විට මැතිවරණය රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කරන්න අරගෙන තියෙන පියවර මොනව ද?
ලංකාවෙන් එපිට ඩිජිටල් මැතිවරණ පවත්වෙන්නේ කොහොම ද කියලා බලන්න. හොඳම උදාහරණය ඉන්දියාව. 2021 මොබයිල් බේස් ඡන්ද ක්‍රමය ගෙනාවා. ඒක කළේ කොරෝනා වසංගතය කාලේ. පටන් ගත්තේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්, ආබාධිත පුද්ගලයන් සහ ඉතා දුර බැහැර රාජකාරී කරන රජයේ සේවකයන්ගෙන්.
කෙටියෙන් ම කිව්වොත් ඡන්දය දාන්න ඡන්ද පොළට එන්න බැරි පිරිස ඉලක්ක කළා. ඒක නියමු ව්‍යාපෘතියක් විදියට කළා. සියයට අනූ පහක් ම සාර්ථකයි. ඒ වගේ ම 1989 සිට ඡන්ද පොළ තදබදය අඩු කරන්න ඉලෙක්ට්‍රොනික් ඡන්ද යන්ත්‍රයක් භාවිත කරනවා. මේ වෙද්දී නැම්බියාව නේපාලය වගේ රටවල් පවා ඒක භාවිත කරනවා. ඉන්දියාව ඒක කළා නම් මිලියන විසි දෙකක් විතරක් ඉන්න අපේ රටට ඒක කරන්න බැරි ඇයි? එස්තෝනියාව 2005 සිට මැතිවරණය ඩිජිටල්කරණය කළා. හේතුව අවම වියදම සහ කාර්ය මණ්ඩලය. පද්ධතිය යාවත්කාලීන කිරීම පමණයි අවශ්‍ය. එහෙම නම් ඇයි ලංකාවට බැරි?

ශ්‍රී ලංකා ඩිජිටල් පුරවැසි සංගමය විදියට අපේ යෝජනාව තමයි අපිට පුළුවන් විද්‍යුත් තැපැල් ඡන්ද ක්‍රමයක්, මොබයිල් ඡන්ද ක්‍රමයක් හෝ වෙබ් අඩවි පදනම් කරගන් ඡන්ද ක්‍රමයක් නිර්මාණය කරලා දෙන්න. අපට මේක පටන් ගන්නයි අවශ්‍ය. මේ ගැන පර්යේෂණ, නියමු ව්‍යාපෘති කරන්න වෙනවා. හැබැයි කොතනින් හරි පටන් ගන්න ඕනෑ. අද පටන් ගත්තොත් විතරයි මැතිවරණ පිළිබද අනාගත දැක්මක් නිර්මාණය කරගන්න පුළුවන් වෙන්නේ.
අපේ යෝජනාව තමයි ප්‍රධාන නගර තුනක් තෝරා ගන්න. නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරලා බලන්න. අවශ්‍ය නීති අණ පනත් පාර්ලිමේන්තුවේ සම්මත කර ගන්න. සංශෝධන අවශ්‍ය තැන්වල ඒ දේවල් කරන්න. එහෙම වුණොත් විතරයි ඊ ළග පියවරට යන්න පුළුවන්.
මේ ඉන්න නව පරම්පරාව ඩිජිටල් පරම්පරාවක්. ලෝකය ඉදිරියට යද්දී අපට විතරක් පිටුපස්සට යන්න බෑ. ඒ නිසා මේ විද්‍යුත්, ඩිජිටල් ඡන්ද ක්‍රමය රටට අරගෙන එන්න. පුරවැසියන්, දේශපාලනඥයන්, මාධ්‍ය විදියට මේවා කතා කරන්න, සංවාදයට විවෘත කරන්න. මැතිවරණය විතරක් නොවෙයි සෑම සේවාවක් ම ඩිජිටල් කරණය කළ යුතුයි.
කොළ නැති ප්‍රශ්නේ ඡන්දෙට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. පාසල් යන දරුවගේ අභ්‍යාස පොතට, රියදුරු බලපත්‍රයට ඇතුළු ක්ෂේත්‍ර ගණනාවකට මේ ගැටලුව තියෙනවා. ඒ නිසයි අපි ඩිජිටල්කරණයට යා යුත්තේ. ඒක ආයෝජනයක්. ඒක ලෝකයත් එක්ක සන්සන්දනය කරලා බලන්න. සාකච්ඡා කරන්න. ඩිජිටල් මැතිවරණ අයෝජනය අනවශ්‍ය වියදමක් නෙවෙයි. දේශපාලන වාසි නොබලා මේය ආයෝජනය කරන්න. ප්‍රජාතන්ත්‍රවාදයට, ජනතා පරමාධිපත්‍යයට ගරු කරලා අනාගත මැතිවරණ දැක්මක් උදෙසා මේය අයෝජනය කරන්න.

Recent Posts

Prime Lands earns Australian recognition for Sri Lanka investment push

Prime Lands has been recognised at the Australia Sri Lanka Business Council (ASLBC) Honor Roll…

1 day ago

ලංකාවේ Property ලෝකෙට අරන් ගිය Primeට ඕස්ට්‍රේලියාවෙන් Recognition එකක්

ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳපොළ ජාත්‍යන්තර ආයෝජකයන් අතරට ගෙනයමින්, මෙරටට විදේශ සෘජු ආයෝජන (FDI) ආකර්ෂණය කර…

1 day ago

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් ට්‍රිලියන 02 ඉක්මවූ බදු ආදායමක් උපයයි

2026 වසරේ සැප්තැම්බර් 30වැනිදා වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් රැස්කිරීම රුපියල් ට්‍රිලියන 2…

1 week ago

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ජෙට් A-1 නළ මාර්ග සහ තෙල් ටැංකි ව්‍යාපෘතී සමාරම්භය අද ජනපති ප්‍රධානත්වයෙන්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය…

1 week ago

ජවිපේ ප්‍රධාන ලේකම් ඉන්දියාවේදී දේශපාලන නියෝජිතයන් කිහිප දෙනෙක් හමුවෙයි.

මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…

1 week ago

දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ සමාජ මාධ්‍යයට මුදාහැරීමේදී සැලකිලිමත් වන්න – කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය

Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…

1 week ago