Tuesday, April 28, 2026
Homeදේශීයදූතයන් පිරිසක් හොර රහසේ ඇවිත් ගිහින්, රෝ ඔත්තු සේවයේ ප්‍රධානියත් ඒ අතර

දූතයන් පිරිසක් හොර රහසේ ඇවිත් ගිහින්, රෝ ඔත්තු සේවයේ ප්‍රධානියත් ඒ අතර

ඇමරිකාවෙන් සහ ඉන්දියාවෙන් අවස්ථා කිහිපයකදී විශේෂ දූතයන් පිරිසක් අප්‍රසිද්ධ ආකාරයට මෙරටට පැමිණ ඇති බවත් ඔවුන් ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කොට හොර රහසේ යළි මෙරටින් පිටව ගොස් ඇති බවත් නිදහස් ජනතා සන්ධානයේ වීරසුමන මහතා පවසනවා.

මෙලෙස පැමිණි විශේෂ විදෙස් දූතයන් ගැනත් ඔවුන් තමන් සමඟ කළ සාකච්ඡා සහ යළි පිටව යෑම පිළිබඳවත් ජනාධිපතිවරයා විසින් ජනතාවට කරුණු දැක්විය යුතු බව ඔහු අවධාරණය කර සිටිනවා.

මීට දින කිහිපයකට පෙර ඉන්දියාවේ රෝ ඔත්තු සේවයේ ප්‍රධානියා හොර රහසේ මෙරටට පැමිණ ගොස් ඇති බව ඔහු හෙළිකර සිටියා.

READ:   ලංගම බස් රථයක් සුළඟට හසුවෙයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්