අලුතින් අමාත්‍ය ධූරයකට පත් නාමල් රාජපක්ෂ නමෝ විත්තියෙන් කියා හොඳ වැඩකට අත ගසා තිබේ. ඒ නම් රටේ තිබෙන සියළුම ක්‍රීඩා නංවාලීම සඳහා ඉදිරි වසර වලට ජාතික වැඩපිළිවෙලක් සහ ප්‍රතිපත්තියක් සකස් කිරීමට 14 දෙනෙකුගෙන් යුත් ජාතික ක්‍රීඩා සභාවක් හැදීමත් ඊට රටේ ක්‍රීඩා වීරයන් පත් කිරීමත් එහි සභාපතිත්වය මහේල ජයවර්ධනට බාර දීමත් ය.
රටේ ක්‍රීඩාවේ දියුණුව, එහි ප්‍රතිපත්ති, ක්‍රීඩාවේ ප්‍රමිතිය සහ ඒ ආශ්‍රිත යටිතල පහසුකම් නගා සිටුවිය හැකි ආකාරය පිළිබඳව නාමල්ට උපෙදස් දීම මෙම ක්‍රීඩා සභාවේ මූළික වගකිමකි
නව ක්‍රීඩා පනතක් හා ජාතික ක්‍රීඩා ප්‍රතිපත්තියක් සැකසීමට අවශ්‍ය මූලික කටයුතු සම්පාදනය කිරීම, ඉලක්කගත ජයග්‍රහණ සඳහා සැළසුම් සකස් කිරීම, ක්‍රීඩකයින් වෘත්තීමය තත්වයකට නංවාලීමට යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, ජාතික සංචිත තේරීමේදී නාමල්ට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම, පාසල් ක්‍රීඩා සහ අධ්‍යාපන අමාත්‍යාංශය හා එක්ව පාසල් ක්‍රීඩා නැංවීමේ සැලැස්මක් සකස් කිරීම, ක්‍රීඩාවේ පාරිශුද්ධභාවය සහ විනිවිදභාවය සුරැකෙන ආකාරයෙන් කටයුතු කිරීමට අවශ්‍ය වටපිටාවක් නිර්මාණය කිරීම, නව ප්‍රවණතාවන් හා ඊ-ස්පෝර්ට්ස් වැනි නව අංශ හරහා ක්‍රීඩා ආර්ථිකයක් ගොඩ නැගීමට කටයුතු සම්පාදනය කිරීම යන කරුණු මුලික කර ගත් විශේෂ වැඩසටහන් සදහා මග පෙන්වීමද ජාතික ක්‍රීඩා සභාවේ වගකීම් අතර වේ.
මේ සභාව සඳහා නාමල්ගේ තේරීම් අතරින් හමුදාපතිවරයා හැර අන් සියල්ල හොඳය. ශවේන්ද්‍ර සිල්වා නාමධාරී ක්‍රීඩකයෙකු නොවනවා සේම ක්‍රීඩා සභාවකට හමුදාපතිවරයා නිල තනතුරක් ලෙස භාවිතා කරන්නේ නම් අනෙකුත් හමුදාපතිවරුන්ද ගැනීමට සිදුවේ. ශවේන්ද්‍ර දමා ගත්තේ ජනාධිපතිවරයා සතුටු කිරීමට විය යුතුය. කෙසේ නමුත් අන් සියළුම දෙනා තම තමන්ගේ ක්‍රීඩා වලින් රටට කීර්තියක් ගෙනා නාමධාරී දක්ෂයන් ය. දේශපාලනය අවියක් කර නොගත්තවුන් ය. සභාපතිත්වය මහේලට බාර දීමත් කුමාර් සංගක්කාර, ජුලියන් බෝලින් වැන්නෝ ඇතුලත් කිරීමත් අනර්ඝය. ඔලිම්පික් දිනුවත් සුසන්තිකා වැනි වාත කෝඩ දමා නොගැනීම ද හොඳ ය. කවුරු කළත් හොඳ වැඩේට හොඳයි කිව යුතුය. මේ අයගේ උපදෙස් අනුවම වැඩ කිරීම නාමල්ට බාර ය.

නාමල්ගේ ජාතික ක්‍රීඩා සභාව මෙසේය
———————-
මහේල ජයවර්ධන (සභාපති)
කුමාර් සංගක්කාර
යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා
රොවේනා සමරසිංහ
සංජීව වික්‍රමනායක
ජූලියන් බෝලිං
යශ්වන්ත් මුත්තෙට්ටුවගම
සුපුන් වීරසිංහ
කස්තුරි චෙල්ලරාජා විල්සන්
රුවන් කෑරගල
මේජර් ජෙනරාල් රාජිත අම්පෙමොහොට්ටි
රොහාන් ප්‍රනාන්දු
ඩිලන්ත මාලගමුව
අමල් එදිරිසූරිය
lanka enews


