” 1979 ලී ක්වාන් අගමැතිවරයා ඉංජිනේරු උපදේශක ආයතනයක් හැදුවා.
එහි පළමු උපදේශකවරුන් දෙදෙනාගෙන් එක්කෙනෙක් මම.
මගේ යටතේ උපාධිදාරීන් 30ක් වැඩ කරා.
ඔවුන් කිසි විටෙකත් මා විදේශිකයෙක් කියා නොසලකා හැරියේ නෑ. මගෙන් උපරිම සේවය ඒ රටට ගත්තා.
වරාය මහාමාර්ග ගුවන්තොටුපළ මේ හැම එකක්ම හදන්න මගේ දායකත්වය ලැබුනා.
ලී ක්වාන් අගමැතිවරයා අපිට කීවේ ලෝකේ හොඳම දේ ඔහුගේ රටට දෙන්න කියලා.
සිංගප්පූරුව වතුර ගඩොල් සිමෙන්ති පවා මැලේෂියාවෙන් අරගෙනයි රට ගොඩනැගුවේ. ඒ අතින් බලද්දි ලංකාව මොනතරම් සම්පත් තියෙන රටක්ද නමුත් මේ යන විදියට ලංකාව තව වසර 50කින් වත් ගොඩගන්න බෑ.
මම වසර 35ක් පුරා විටින් විට ලංකාවේ රජයන්ට ලියලා යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා.
නමුත් ඒ කිසිවකට පිලිතුරක් හෝ ලැබෙන් නෑ.
උගතුන් නැති රටක් ඉතා භයානකයි. ඉන්න උගතුන්ටත් සවන් නොදෙන රටක් ඊටත් වඩා භයානකයි.
අපිට ලොකු වේදනාවක් තියෙනව ශ්‍රී ලංකාව ගැන.නිවැරදි සැලසුමක් ඇතුව වැඩකරනවා නම් වසර 5කින් දියුණු කරන්න පුලුවන් රටක් මේක. නමුත් මේ විදියට ගියොත් තව වසර 50ක් ගියත් බෑ.
Copid from
– සෑම් සමරසිංහ මහතා -ඉංජිනේරු උපදේශක


