දේශීය

බුත්තල පැත්තේ පොළව හෙල්ලිලා ප්‍රදේශවාසින් බය වෙලා

බුත්තල සහ වැල්ලවාය වැනි ප්‍රදේශ කිහිපයක පොළොවේ අද උදෑසන සුළු කම්පන කිහිපයක් ඇති වූ බව ප්‍රදේශවාසීන් පවසනවා

දෙතුන් වරක් අදාළ ප්‍රදේශයන් තුළ ඇතිවූ කම්පන තත්වය නිසා ප්‍රදේශවාසින් තරමක් භීතියට පත්ව තිබෙනවා.

බුත්තල නගරයේ ඇතැම් කඩසාප්පුවල ජනෙල් වීදුරු සෙලවීමකට ලක් වූ බවද වාර්තා වෙනවා.

මෙම කම්පන දැනීම නිසා බුත්තල රෝහලේ ඇතැම් වාට්ටුවල නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් වාට්ටුවලින් එළියට පැමිණ ආරක්ෂිත ක්‍රියාමාර්ගයක් ලෙස ටික වේලාවක් එළිමහන් ස්ථානවල රැඳී සිටි බවද වැඩිදුරටත් වාර්තා වෙනවා.

තුර්කියේ භූ කම්පනයද මීට ටික දිනකට පෙර සිදූ වූ බැවින් එම අත්දැකීම සමඟ ප්‍රදේශයවාසීන් තරමක බියට පත්ව ඇත්තේ මෙය එවැන්නක පෙර නිමිත්තක් ද යන සැකය මතයි.

ප්‍රදේශ වාසින් තරමක් බියට පත්ව ඇතත් අදාළ ප්‍රදේශ තුළ හටගෙන ඇත්තේ සුළු කම්පන තත්වයක් බැවින් ජනතාව බියට පත්විය යුතු නැති බව භූ විශේෂඥයින් පෙන්වා දෙනවා.

Recent Posts

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

4 days ago

ලොස් ඇන්ජලීස්හිදී ශ්‍රී ලාංකික ඇඟලුම් සේවිකාවකට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…

4 days ago

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

1 week ago

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

1 week ago