දේශීය

ඡන්දේ ඉල්ලන් එක බල්ලෙක් ගමට එන්න එපා. කැඩිච්ච පාර ගම්මුම හදා ගනී! (VIDEO)

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දුටුවැව පැරණිගම සිට දුටුවැව වැව්බැම්ම හරහා දුටුවැව නගරය වෙත ළගා විය හැකි කිලෝමීටර 5 ක් පමණ වන කෙටිම මාර්ගය වසර ගණනාවක සිට ප්‍රතිසංස්කරණය නොකිරීම නිසා දැඩිලෙස අබලන්තත්වයකට පත්ව තිබීමෙන් තමන් පත්ව ඇති අපහසුතාවය පිළිබද කොතෙකුත් තට්ටු මාරු ක්‍රමයට පැමිණි දේශපාලයන්ට හා නිළ බලය ඇති රාජ්‍ය නිළධාරින්ට දැනුවත් කල ද, එය සතයකටවත් මායින් නොකිරිමෙන් පිඩාවට පත් දුටුවැව පැරණිගම ගොවි ජනතාව එකා මෙන් එක්ව රටෙ ජනතාවට ආදර්ශයක් සපයමින් තම පාර තමාම සදා ගනීමේ අදහසින් අද (08) පාරට බැස්සා.

කිලෝමීටර 5 ක් පමණ දුරකින් සමන්වීත මෙම මාර්ගය හරහා ප්‍රදේශයේ ගොවිජනතාව තම දෛයිනික අවශ්‍යතා සපුරා ගැනිමටත් තම වගාවන් වල අස්වනු නගරයට ප්‍රවාහනය සදහාත් ප්‍රදේශයේ ගොවිජනතාවගේ පාසල් ළමුන් සහ ගලෙන්බිඳුණුවැව නගරයේ රැකියා කටයුතු වලට යන අය සහ විවිධ අවශ්‍යතා ඉටුකර ගැනීමට කටාරම්පුර, පළුගොල්ලෑගම, කිව්ලේකඩ ,12 කොටස ,පෙරට්ටුපොලගම ඇතුළු දුටුවැව ප්‍රදේශයේ ගම්මාන 18 ක පමන ජනතාවට ගලෙන්බිඳුණුවැව නගරය කරා ළගා වීමටත් දුටුවැව නගරය වෙත ලගාවීමටත් තිබෙන කෙටිම මාර්ගය වසර ගණනාවට පෙර සිටම අබලන්ව තිබේන නමුත් බළදාරීන්ට මෙම මාර්ගය සංවර්ධනය කර ප්‍රදේශයේ ජනතාවට සහනයක් සලසා දෙන ලෙස බලධාරින්ට කොතෙකුත් වාචිකව සහ ලිඛිතව දැනුම් දුන්නද මෙම මාර්ගය සංවර්ධනය කිරීමට කිසිකෙනෙකුත් ඉදිරිපත් නොවීම කණගාටුවට කරුණක් බව එම මාර්ගය භාවිතා කරන ගොවි ජනතාව පවසනවා.

අබලන් මාර්ගය හේතුවෙන් අපහසුතා රැසකට මැදීව සිටි ගම්වාසීන් එකතු වී ඔවුන්ගේ ශ්‍රමය , ධන පරිත්‍යාගයෙන් මෙම මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමට (08) එකතු විය. මේ සදහා කිසිදු රජයේ මැදිහත් වීමක් හො කිසිදු පටක් පක්ෂ දේශපාලන මැදිහත් වීමකින් වත් තොරව ප්‍රදේශයේ ජනතා සිය කැමැත්තෙන් එකතු වී ඔවුන්ගේ වියදමින් මෙම මාර්ගය ප්‍රතිසංස්කරණය සිදුකරන ආකාරය එහි ගිය අපට දැකගැනීමට හැකි වීම විශේෂත්වයක්.

දුටුවැව පැරණිගම ජනතාව මෙලෙස තම මාර්ගය තමන්ම පිළිසකර කරගෙන භාවිතයට ගැණිම සමස්ථ රට වැසීයාටම ආදර්ශයක් සපයන අතර තට්ටුමාරු ක්‍රමයට ජනතා පරමාධිපත්තිය උදේසා යනුවෙන් ලොවට පෙන්වමින් ජනතා මානපයෙන් බලයට පැමිණ එයින් ජනතාවට කිසිදු සේවයක් නොකර පටු අරමුණු මුද්න්පත් කර ගත් දේශපාලකයින්ට මහත් කණේ පහරක් යැයි කිවයුතුව ඇත.

එම විඩියෝව පහතින්,

Recent Posts

ඉන්ධන සහනාධාරයක් -ජනපති ගම්පහදී කියයි.

‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…

1 day ago

ඉන්ධන බලාගාර මාෆියාවේ කොමිස්වලට යටවූ වත්මන් රජය සූර්ය බලශක්තිය විනාශ කරන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා-විපක්ෂ නායක

බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…

1 day ago

පොල්දූව මංසන්ධියේ දී සමගි ජන බලවේගය විසින් 22ට එරෙහිව සංවිධානය කර තිබූ උද්ඝෝෂණය

මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…

5 days ago

Colombo Dockyard Highlights Sri Lanka’s Maritime Capabilities on World Maritime Day 2026

Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…

5 days ago

පාස්කු ප්‍රහාර නඩුවේ විත්තිකරුවන් 15කට වරදකරු බවට තීන්දුවක් – 9ක් නිදොස් කොට නිදහස්

සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…

7 days ago

සීගිරියට අලුත් පෙනුමක්: ඩොලර් මිලියන 30ක සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය ඇරඹේ

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…

1 week ago