මාසික ආදායම රුපියල් ලක්ෂය ඉක්මවා උපයන පුද්ගලයන්ගේ උපයන විට බදු අය වන ආකාරය සංශෝධනය කිරීමට තීරණය කර තිබේ.
මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මඟපෙන්වීම යටතේ ඊට අදාළව නව චක්‍රලේඛයක් මේ වන විට නිකුත් කර ඇතැයි මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
ඒ අනුව නිවාස, වාහන, ඉන්ධන, ගෘහභාණ්ඩ, දුරකතන සහ සහනදායි පොලී සඳහා සංශෝධන එක් කර තිබේ.
දැනට රුපියල් ලක්ෂ දෙකට අඩු ආදායම් උපයන පුද්ගලයන්ගෙන් රුපියල් 20,000ක් හෝ මුළු වැටුපෙන් 12.5%ක් ලෙස සහ රුපියල් ලක්ෂ දෙකට වඩා ආදායම් උපයන පුඅද්ගලයන්ගෙන් රුපියල් 40,000ක් හෝ වැටුපෙන් 12.5%ක් ලෙස සැලකූ ප්‍රතිලාභය මූලික වැටුපෙන් 12.5%ක් ලෙස සංශෝධනය කර තිබේ.
ගෘහ භාණ්ඩ වෙනුවෙන් වූ රුපියල් 5,000 හෝ වැටුපෙන් 2.5% ප්‍රතිලාභය චක්‍රලේඛය මගින් ඉවත් කර ඇත.
වාහන – එංජින් ධාරිතාව ඝන සෙන්ටිමීටර් 1800ට අඩු සහ ඝන සෙන්ටිමීටර් 1800ට වැඩි ලෙස පිළිවෙළින් රුපියල් 50,000ක් සහ 75,000ක් ලෙස සැලකූ ප්‍රතිලාභය වාහනය සඳහා රුපියල් 20,000ක්, රියැදුරු සඳහා රුපියල් 10,000ක් සහ ඉන්ධන සඳහා රුපියල් 20,000ක් ලෙස වෙනස් කර ඇත.
ඉන්ධන දීමනාව 100%ක් ලෙස බද්දට යටත් වූ අතර එය 25%ක් දක්වා අඩු කර තිබේ.
මීට අමතරව ක්ෂේත්‍ර රාජකාරි සඳහා දී ඇති වාහන පෞද්ගලික භාවිතයේදී සීමා රහිතව කිලෝ මීටරයකට රුපියල් 25ක් ලෙස සලකන ලද ප්‍රතිලාභය කිලෝමීටරයකට රුපියල් 25ක් හෝ රියැදුරු සහිතව රුපියල් 20,000ක් සහ රියැදුරු සහිතව රුපියල් 30,000ක් යන දෙකෙන් අඩුම ප්‍රමාණය ලෙස සංශෝධනය කර ඇත.
100%ක් බද්දට යටත් වූ දුරකතන දීමනාවෙන් 25%ක් පමණක් ප්‍රතිලාභ ලෙස නව සංශෝධනව මඟින් සලකනු ලබයි. සේවා යෝජකයන් විසින් සහන පොලී මත දී ඇති ණය සඳහා වන පොලී ප්‍රතිලාභය බදු සඳහා සලකා නොබලයි.
ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පවසන්නේ මේ වෙනස් කිරීම් මඟින් සැලකිය යුතු සහනයක් අදාළ පාර්ශ්ව වෙත හිමි වන බවයි.
ජයසිරි මුණසිංහ සහ නුවන් කොඩිකාර
බදු සංශෝධන සම්බන්ධයෙන් දිස්ත්‍රික්/ ප්‍රාදේශීය ලේකම්වරු දැනුම්වත් කෙරෙති
උපයන විට බදු අය කිරීම සම්බන්ධයෙන් පෙරේදා (7) රජය සිදු කළ සංශෝධන සම්බන්ධයෙන් සියලු දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් දැනුම්වත් කිරීමට රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් පාලන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිකුත් කළ සංශෝධන සහිත නව චක්‍රලේඛයට අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙස සියලු පරිපාලන අංශ දැනුම්වත් කිරීමට එම අමාත්‍යාංශ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා පියවර ගෙන ඇත.
ජයසිරි මුණසිංහ
උපුටා ගැනීම – දිනමිණ පුවත්පත
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…