සිය පාලන සමයේ සිදුවූ පාස්කු ප්‍රහාරය සම්බන්ධ තමන් කතෝලික ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
තමන්ට නියමව ඇති දඩ මුදල ගෙවීම සඳහා තමන් කෙසේ හෝ කටයුතු කරන බව එතුමා අද (31) පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමින් ප්‍රකාශ කළා.
තමන් අවුරුදු 15 දී 16 දී විතර බයිබලය කියවපු කෙනෙක් බවත් තම පාලන කාලය තුළ මෙම සිදුවීම වෙනත් අය විසින් සිදුකර ඇති බවත් ඒ වෙනුවට තමන්ට වන්දියක් ගෙවීමට සිදුව ඇති බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවා.
පාස්කු ප්‍රහාරයෙන් මියගිය ජනතාව සහ අතපය කැඩිලා එක්තැන් වෙලා සිටින ජනතාවගෙන් දෙවියන් වහන්සේ වෙනුවෙන් තමන් සමාව ඉල්ලා සිටින බව එතුමා ප්‍රකාශ කළා.
“කතෝලික ජනතාවගෙන් මම සමාව ඉල්ලා සිටිනවා. මම කිසි දෙයක් දන්නේ නැතුව,මෙවැනි ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වෙලා මගේ පාලන පාළන කාලය තුළ මෙවැනි ප්‍රහාරයක් එල්ල වෙලා ජීවිත විනාශවීම පිළිබඳව “
තමාට ගෙවන්න වෙලා තිබෙන වන්දි මුදල පුළුවන් විදිහට හිතවතුන්ගෙන් එකතුකරගන්න බලාපොරොත්තු වන බවත් එතුමා ප්‍රකාශ කර සිටියා.
තමන් ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන බව ද එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
” මම කිසිදෙයකින් පස්සට යන මිනිහෙක් නෙවෙයි..මේ මොන වද දුන්නත් පක්ෂයේ සහයෝගය අරගෙන, ඡන්ද කීයක් ගත්තත් ජයගන්න පුළුවන් කියන විශ්වාසය උඩ ඉදිරි ජනාධිපතිවරණයට තරඟ කරනවා “
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…
ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර…
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…