Saturday, July 11, 2026
Homeදේශීයවැස්ස වැඩි කරමින් කාලගුණය වෙනස් වෙයි

වැස්ස වැඩි කරමින් කාලගුණය වෙනස් වෙයි

ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය පෙබරවාරි 01 දින දිවයිනේ නැගෙනහිර වෙරළ වෙත ළඟා වීමේ වැඩි හැකියාවක් පවතින අතර එහි බලපෑම නිසා අද (30) සවස්කාලයේ සිට දිවයිනේ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

උතුරු, නැගෙනහිර, ඌව, උතුරුමැද සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මි.මී. 150 පමණ ඉතා තද වැසිද ඇතිවිය හැකියි.

දිවයින පුරා බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

READ:   ග්‍රාම සේවා නිළධාරීන් 4000ක් කඩිනමින් බඳවා ගැනීමට පියවර
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්