දේශීය

ජැක්සන් ඇන්තනීගේ අද තත්වය ගැන සෝමරත්න දිසානායක කියයි

ප්‍රවීන රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාට සිදුවූ හදිසි අනතුර ශ්‍රී ලංකාවේ සමස්ත සිනමාවට සිදු වූ අනතුරක් බව ආචාර්ය සෝමරත්න දිසානායක මහතා පවසනවා.

ජැක්සන් ඇන්තනී මහතා හදිසි අනතුරකට ලක්ව මේ වන විට මාස හතකට ආසන්න කාලයක් ගතවී තිබුණද ඔහු තවමත් උපකරණ වල ආධාරයෙන් හුස්ම ගැනීම භීතියක් ඇතිවන කාරණයක් බව එතුමා සන්නිවේදීව ප්‍රකාශ කළා.

ජැක්සන් ඇන්තනී නැවත නැගිට පැමිණෙන තුරු මුලු රටක් බලා සිටින බවත් ඔහු ඉක්මනින් සුව වෙලා පැමිණීම තමන්ගේ එකම ප්‍රාර්ථනාව බවත් රූපවාහිනි වැඩසටහනක් හා සම්බන්ධ වෙමින් එතුමා ප්‍රකාශ කර සිටියා.

මීට මාස 6කට පමණ පෙර රූප ගත කිරීම් සඳහා ගොස් යළි පැමිණෙමින් සිටියදී කැබ් රථයට වන අලියෙකු පහරදීම නිසා බරපතළ තුවාල ලබා ජැක්සන් ඇන්තනී මහතා ප්‍රතිකාර සඳහා යොමු කරණු ලැබුවා.

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

8 hours ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

1 day ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

2 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

2 days ago