Tuesday, September 29, 2026
Homeදේශීයප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත තද වැසි

ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත තද වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවර එළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඇතැම් ස්ථාන වලට මි.මී. 75ට වැඩි තද වැසි ඇති විය හැකියි.

උතුරු, නැගෙනහිර, ඌව සහ උතුරුමැද පළාත්වලත් දකුණු වෙරළබඩ ප්‍රදේශවලදීත් උදැසන කාලයේදී වැසි ඇති විය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

READ:   අන්තරේ කැදවුම්කරු ඇතුළු පිරිසක් අත්අඩංගුවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්