Monday, June 15, 2026
Homeක්‍රීඩාරෂීඩ් ඛාන් ගෙන් විශිෂ්ට විස්සයි විස්ස වාර්තාවක්

රෂීඩ් ඛාන් ගෙන් විශිෂ්ට විස්සයි විස්ස වාර්තාවක්

ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක රෂීඩ් ඛාන් විස්සයි විස්ස පිටියේ කඩුලු 500 සීමාව පසු කිරීමට ඊයේ සමත් වුණා.

දකුණු අප්‍රිකා විස්සයි විස්ස ලීගයේ මුම්බායි ඉන්දියන්ස් කේප් ටවුන් සහ ප්‍රිටෝරියා කැපිටලස් කණ්ඩායම් අතර පැවති තරඟයේදී රෂීඩ් ඛාන් මෙම දක්ෂතාවය දැක්වුවා.

මීට පෙර විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ කඩුලු 500 පහු කර යෑමේ දක්ෂතාවය දක්වා ඇත්තේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ඩ්වේන් බ්‍රාවෝ පමණයි.

ලොව විස්සයි විස්ස පන්දු යවන්නන් අතර දැනටමත් අංක එකේ ස්ථානයේ පසුවන්නේ ඇෆ්ගනිස්ථාන ක්‍රීඩක රෂිඩ් ඛාන් වීම විශේෂත්වයක්.

READ:   ජනකගේ කට නිසා තමයි මම ඔහුට විරුද්ධ ඡන්දය දෙන්නේ - කුමාර වෙල්ගම
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්