නුවරඑළිය නානුඔය අනතුරින් තුවාල ලබා සිටින අයට කඩිනමින් සියලු පහසුකම් සලසන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇති බව වාර්තා වෙනවා.
අවශ්‍යතාවයක් වුවහොත් තුවාලකරුවන් හැකි ඉක්මනින් කොළඹට රැගෙන ඒමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.
කොළඹ ත්‍රස්ටන් විද්‍යාලයේ දරුවන් රැගෙන අධ්‍යාපන චාරිකාවක් සඳහා නුවරඑළියට ගොස් නැවත පැමිණෙමින් සිටි බස්රථයක් වැන් රථයක් හා ගැටීමෙන් ඊයේ (19) රාත්‍රීයේදී අනතුරක් සිදුවුණා.
අනතුරින් වෑන් රථයේ සහ ත්‍රී රෝද රථයක සිටි පුද්ගලයෙකු ඇතුලුව පුද්ගලයින් 07 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර පුද්ගලයින් 53 කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලැබුවා.
මෙම අනතුරින් ත්‍රස්ටන් විද්‍යාලයේ සිසු දරුවන්ට බරපතළ හානියක් සිදු නොවූ බව වාර්තා වුණා.
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…
Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…
ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…