Thursday, June 25, 2026
Homeදේශීයමැතිවරණ වියදම් නියාමනය ගැන විවාදය අද

මැතිවරණ වියදම් නියාමනය ගැන විවාදය අද

අද (19) පෙරවරුවේ පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.

මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිත බව වාර්තා වෙනවා.

අද උදෑසන 10.30 සිට පස්වරු 5.00 දක්වා මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය පැවැත්වෙනවා.

ගෙවුණු 17 වනදා අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ උපදේශක කාරක සභාව තුළ දී මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත විවාදයට ගැනීම මාසකින් කල් දැමිමට තීරණය වූ අතර පසුව නැවත විවාදය පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව ඊයේ (18) තීරණය කළා.

READ:   ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්