මහනුවර ශ්‍රී දළදා වහන්සේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා ප්‍රකාශයක් නිකුත් කළ බවට චෝදනා ලැබ සිටින සේපාල් අමරසිංහ යන අය තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
මහනුවර ශ්‍රී දළදා වහන්සේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා ප්‍රකාශයක් සිදුකිරීමේ චෝදනාවට සැකපිට පසුගිය 05 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සේපාල අමරසිංහ යන අය අත්අඩංගුවට ගනු ලැබුවා.
එලෙස අත්අඩංගුවට ගත් සේපාල අමරසිංහ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද (10) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග ලබා දී තිබුණා.
අද (10) සේපාල අමරසිංහ යන අය අධිකරණය වෙත ඉදිරිපත් කළ පසු ලබන 17 වන දා දක්වා සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇති බව වාර්තා වෙනවා.
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…