දේශීය

සේපාල අමරසිංහ යළි රිමාන්ඩ්

මහනුවර ශ්‍රී දළදා වහන්සේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා ප්‍රකාශයක් නිකුත් කළ බවට චෝදනා ලැබ සිටින සේපාල් අමරසිංහ යන අය තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

මහනුවර ශ්‍රී දළදා වහන්සේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා ප්‍රකාශයක් සිදුකිරීමේ චෝදනාවට සැකපිට පසුගිය 05 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සේපාල අමරසිංහ යන අය අත්අඩංගුවට ගනු ලැබුවා.

එලෙස අත්අඩංගුවට ගත් සේපාල අමරසිංහ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද (10) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග ලබා දී තිබුණා.

අද (10) සේපාල අමරසිංහ යන අය අධිකරණය වෙත ඉදිරිපත් කළ පසු ලබන 17 වන දා දක්වා සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇති බව වාර්තා වෙනවා.

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

19 hours ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

2 days ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

3 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

3 days ago