ශ්‍රී ලංකා ඉන්දියා එක්දින තරඟාවලිය ආරම්භ කරමින් පළමු තරඟය අද (10) පැවැත්වුණා.
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව පන්දුවාර 50 අවසානයේ කඩුලු 07 ක් දැවි ලකුණු 373 ක් රැස් කළා.
පන්දුවට පහරදීමේදී ඉන්දියාව වෙනුවෙන් විරාත් කෝලි ලකණු – 113 ක්, රෝහිත් ෂර්මා ලකුණු – 83 ක්, Shubman Gill ලකුණු 70 ක් ක්වශයෙන් රැස් කළා.
ලකණු 374 ක ඉලක්කයක් හබා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 50 අවසානයේ කඩුලු 08 ක් දැවි රැස් කරගත හැකිවුයේ ලකුණු 306 ක් පමණයි.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී පැතුම් නිස්සංක ලකුණු 72 ක්, ධනංජය ද සිල්වා ලකුණු 47ක් සහ හුදෙකලා ඉනිමක් ක්‍රීඩා කළ නායක දසුන් ශානක පන්දු 88 ක් තුළ දී ලකණු 108 ක් වශයෙන් ලබා ගත්තා.
ඒ අනුව එක්දින තරගාවලියේ පළමු එක්දින තරඟය ලකුණු 67 කින් ජය ගැනීමට ඉන්දියාව අද සමත් වුණා.
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…