රත්නපුර දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 5ට අඩු දරුවන් 1336ක් තීව්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන බව රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වෙලේබොඩ මහතා පවසනවා.
මෙම දරුවන් ගැන තොරතුරු සෞඛ්‍ය අංශවලින් තහවුරු කර ඇති බව පැවසු එතුමා රක්තහීනතාවය ( ලේ හිඟ කමින් ) පොළෙන ගැබිනි මව්වරුන් 4351ක් මේවන විට රත්නපුර දිස්ත්‍රික්කය තුළ හඳුනා ගෙන ඇති බව ප්‍රකාශ කර සිටිනවා.
තීව්‍ර මන්ද පෝෂණයෙන් පෙළෙන දරුවන් වැඩි ප්‍රමාණයක් රත්නපුර ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් හඳුනා ගෙන ඇති අතර එම දරුවන් සංඛ්‍යාව 315 ක් වෙනවා.
මීට අමතරව රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් මන්දපෝෂිත දරුවන් 148 දෙනකුද කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් දරුවන් 121 දෙනකුද පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් දරුවන් 105 දෙනකද කොලොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් දරුවන් 98 දෙනකුද නිවිතිගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් දරුවන් 87 දෙනකුද ඇලපාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් දරුවන් 83 දෙනෙකුද ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් දරුවන් 66 දෙනකුද අයගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් දරුවන් 63 දෙනකුද බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් දරුවන් පනස් දෙදෙනෙකුද හමුවී ඇති බව ගාමිණී වලේබොඩ මහතා සඳහන් කළේය.
මූලාශ්‍රය – දිවයින පුවත්පත
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…