අඛණ්ඩ විදුලි සැපයුමක් ලබා දීම සඳහා දැනට පවතින විදුලි ගාස්තුව සංශෝධනය කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බව අද කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මාධ්‍යයට ප්‍රකාශ කළා.
ඒ අනුව
ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කර ඇති විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් සොයා බලා මේ මස 15 වනදා ට පෙර අදාළ ගාස්තු සංශෝධනය ඉදිරිපත් කිරීම.
එතෙක් ලංකා විදුලිබල මණ්ඩලය විසින් 2023 ජනවාරි 01 සිට ක්‍රියාත්මක වන පරිදි යෝජනා කළ විදුලි ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීම.
පෙර කී ලෙස මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් පිලියමක් වශයෙන් නව විදුලි ගාස්තු සංශෝධනයක් ඉදිරිපත් කළොත් විදුලි බල මණ්ඩලය විසින් ඉදිරි මාසික විදුලි බිල්පත් මගින් අවශ්‍ය ගැලපීම කිරීම.
යන කාරණා සඳහා කැබිනට් අනුමැතිය ලැබුණු බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.
අදාළ කැබිනට් නිවේදනය පහතින්,
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU