ශ්‍රී ලංකා කණ්ඩායම ගැන නිතර විවේචන එල්ල කළ ඉන්දීය කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රීඩකයකු වන ගෞතම් ගාම්භීර් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානකගේ වටිනා කම ගැන විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.
ශ්‍රි ලංකාව සහ ඉන්දියා කණ්ඩායම් අතර අවසන් වූ දෙවන විස්සයි විස්ස තරඟයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයාගේ පිතිකරණ විලාශය සැලකීමේදි ඔහුට ඉහළ වටිනාකමක් හිමි විය යුතු බව ගෞතම් ගාම්භීර් ප්‍රකාශ කර සිටිනවා.
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය සඳහා ක්‍රීඩක වෙන්දේසිය ශ්‍රී ලංකා ඉන්දියා විස්සයි විස්ස තරඟාවලියට පසු පැවතියේ නම් දසුන් ශානක මිලදි ගැනීම සඳහා ඉන්දීය කණ්ඩායම් සතු මුදල් ප්‍රමාණවත් නොවිය හැකි බව ගෞතම් ගාම්භීර් ස්ටාර් ස්පෝට්ස් නාලිකාව වෙත අදහස් දක්වමින් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණා.
ඔහු මෙසේ සඳහන් කර තිබුණේ මෙවර IPL ක්‍රීඩක වෙන්දේසියට දසුන් ශානක ඉදිරිපත් කළද එහිදී මුලික මුදලකට හෝ කිසිදු කණ්ඩායමක් දසුන් ශානක මිලදී නොගත් තත්වයකදීයි.
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU