ශ්‍රී ලංකා කණ්ඩායම ගැන නිතර විවේචන එල්ල කළ ඉන්දීය කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රීඩකයකු වන ගෞතම් ගාම්භීර් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානකගේ වටිනා කම ගැන විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.
ශ්‍රි ලංකාව සහ ඉන්දියා කණ්ඩායම් අතර අවසන් වූ දෙවන විස්සයි විස්ස තරඟයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයාගේ පිතිකරණ විලාශය සැලකීමේදි ඔහුට ඉහළ වටිනාකමක් හිමි විය යුතු බව ගෞතම් ගාම්භීර් ප්‍රකාශ කර සිටිනවා.
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය සඳහා ක්‍රීඩක වෙන්දේසිය ශ්‍රී ලංකා ඉන්දියා විස්සයි විස්ස තරඟාවලියට පසු පැවතියේ නම් දසුන් ශානක මිලදි ගැනීම සඳහා ඉන්දීය කණ්ඩායම් සතු මුදල් ප්‍රමාණවත් නොවිය හැකි බව ගෞතම් ගාම්භීර් ස්ටාර් ස්පෝට්ස් නාලිකාව වෙත අදහස් දක්වමින් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණා.
ඔහු මෙසේ සඳහන් කර තිබුණේ මෙවර IPL ක්‍රීඩක වෙන්දේසියට දසුන් ශානක ඉදිරිපත් කළද එහිදී මුලික මුදලකට හෝ කිසිදු කණ්ඩායමක් දසුන් ශානක මිලදී නොගත් තත්වයකදීයි.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…