දේශීය

දුරුතු පුන් පොහෝ දිනය අදයි

වසරේ පළමු පසළොස්වක පුන් පොහෝ දිනය වන දුරුතු පුන් පොහෝ දිනය අදට (06) යෙදී තිබෙනවා.

ලංකාවාසී බෞද්ධ ජනතාවට වඩාත් වැදගත් වන සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදුවූයේ අද වැනි පොහෝ දිනකයි. බුද්ධත්වයෙන් නව වැනි මස බුදු රජාණන් වහන්සේ ප්‍රථම වතාවට මහියංගනයට වැඩම කොට සම්බුදු පා පහසින් ලක්දෙරණ පූජනීය භාවයට පත්වූ අතර යක්ෂ ගෝත්‍රිකයින්ට දහම් දෙසා විමුක්ති මාර්ගය හෙළි කිරීම සිදු විය.

බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතූන් වහන්සේලා නිධන් කර ඉදිකරන ලද පළමු දාගැබ වන මහියංගන දාගැබ ඉදිවීමද සිදුවූයේ බුදුරජාණන් වහන්සේගේ පළමු ලංකාගමනයෙන් පසුවයි.

බුදුන් වහන්සේ උරුවෙල දනව්වට වැඩම කොට තුන්බෑ ජටිලයන් ඇතුළු දහසක් පමණ දෙනාට සදහම් මාර්ගය පහදා නිර්වාණ මාර්ගය තුළ හික්මවීම ආදී ශාසනික වශයෙන් ඉතා වැදගත් කාරණාවන් රාශියක් සිදුවූ දුරුතු පුන් පොහෝ දිනය ලොව පුරා බෞද්ධ බැතිමතුන් මහත් හරසරින් යුතුව සමරණු ලබයි.

Recent Posts

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

1 day ago

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

2 days ago

“ඉන්දිරා පිළිකා භාරය නිර්මාණය කරන්නට මූල බීජය වූ කරුණා දයාවේ ප්‍රතිමූර්තිය ඉන්දිරා”

සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…

4 days ago

අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කරයි

සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…

5 days ago

Sharing Buddhist Teachings Through Social Media and AI: The Journey of Udarsha Udakara

By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…

5 days ago