මෙරට වෙළඳපොළ තුළ පවතින බිත්තර හිගයට පිළියමක් වශයෙන් විදේශීයව බිත්තර ආනයනය කිරීම සඳහා ඉදිරිපත් කර තිබූ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.
ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා විසින් ඒ බව අද (03) කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව තුළදී ප්‍රකාශ කර සිටියා.


