දේශීය

පාපන්දු ලෝක කුසලානය ආජන්ටිනාව දිනා ගනී

2022 මෙවර ලෝක කුසලානය තමන් සතු කර ගැනීමට ලියනොල් මෙසී ප්‍රමුඛ ආජන්ටිනා කණ්ඩායම ඊයේ (18) සමත් වුණා. ඒ ගියවර ලෝක ශූරයන් වන ප්‍රංශය 4- 2 ලෙස දඩුවම් පහරින් පරාජයට පත් කරමින්.

තරඟයේ පළමු අර්ධය අවසන් වන විට ආජන්ටිනාව ගෝල 2 ට 0 ක් ලෙස ඉදිරියෙන් සිටිය අතර තරඟයේ දෙවැනි අර්ධය වන විට ප්‍රංශය ද ගෝල 2 ක් ලබා ගැනීමට සමත් වුණා.

දෙපිලම 2-2 ක් ලෙස ගෝල වාර්තා කිරීම නිසා ජයග්‍රාහණය තීරණය කිරීම සඳහා අමතර කාලයක් ලබා දීමට විනිසුරුවන් තීරණය කළා.

අතිරේක තරඟ කාලයේ කණ්ඩායම් දෙකම ගෝල 1 බැගින් වාර්තා කිරීම නිසා ගෝල 3- 3 ක් ලෙස නැවත ලකුණු සම තත්වයට පැමිණුනා.

ඉන්පසු විනිසුරුවන් විසින් ලබා දුන් දඩුවම් පහර අවස්ථාවේ දී දඩුවම් පහර 4 ක් සාර්ථක කර ගැනීමට ආජන්ටිනා කණ්ඩායම සමත් වු අතර ප්‍රංශයට එහිදි සාර්ථක කර ගැනීමට හැකි වූයේ දඬුවම් පහර 2 ක් පමණයි.

ඒ අනුව 4 ට 2 ක් ලෙස ( දඩුවම් පහර ) අවසන් මහා තරඟය ජයග්‍රහණය කිරීමත් සමඟ 2022 මෙවර පාපන්දු ලෝක කුසලානය තමන් සතු කර ගැනීමට ආජන්ටිනාව (18) සමත් වුණා.

ලෝක පූජිත පාපන්දු ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන ආජන්ටිනා කණ්ඩායමේ නායක ලියනොල් මෙසී සහභාගි වූ අවසන් ලෝක කුසලාන තරඟයේදී නැවතත් ආජන්ටිනාවට පාපන්දු ලෝක කුසලානයක පහස රැගෙන ඒමට මෙසී ප්‍රමුඛ ආජන්ටිනා කණ්ඩායමට හැකි වීම විශේෂත්වයක් වූවා.

Recent Posts

අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් යැවූ සම්පූර්ණ පණිවිඩය

මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…

4 hours ago

නගර සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නියමිත “Life Cities” ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන් ජනගත කෙරේ

2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…

1 day ago

ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top Solar ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මූලික සාකච්ඡා ඇරඹේ

මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…

1 day ago

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

3 days ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

3 days ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

5 days ago