දේශීය

පාපන්දු ලෝක කුසලානය ආජන්ටිනාව දිනා ගනී

2022 මෙවර ලෝක කුසලානය තමන් සතු කර ගැනීමට ලියනොල් මෙසී ප්‍රමුඛ ආජන්ටිනා කණ්ඩායම ඊයේ (18) සමත් වුණා. ඒ ගියවර ලෝක ශූරයන් වන ප්‍රංශය 4- 2 ලෙස දඩුවම් පහරින් පරාජයට පත් කරමින්.

තරඟයේ පළමු අර්ධය අවසන් වන විට ආජන්ටිනාව ගෝල 2 ට 0 ක් ලෙස ඉදිරියෙන් සිටිය අතර තරඟයේ දෙවැනි අර්ධය වන විට ප්‍රංශය ද ගෝල 2 ක් ලබා ගැනීමට සමත් වුණා.

දෙපිලම 2-2 ක් ලෙස ගෝල වාර්තා කිරීම නිසා ජයග්‍රාහණය තීරණය කිරීම සඳහා අමතර කාලයක් ලබා දීමට විනිසුරුවන් තීරණය කළා.

අතිරේක තරඟ කාලයේ කණ්ඩායම් දෙකම ගෝල 1 බැගින් වාර්තා කිරීම නිසා ගෝල 3- 3 ක් ලෙස නැවත ලකුණු සම තත්වයට පැමිණුනා.

ඉන්පසු විනිසුරුවන් විසින් ලබා දුන් දඩුවම් පහර අවස්ථාවේ දී දඩුවම් පහර 4 ක් සාර්ථක කර ගැනීමට ආජන්ටිනා කණ්ඩායම සමත් වු අතර ප්‍රංශයට එහිදි සාර්ථක කර ගැනීමට හැකි වූයේ දඬුවම් පහර 2 ක් පමණයි.

ඒ අනුව 4 ට 2 ක් ලෙස ( දඩුවම් පහර ) අවසන් මහා තරඟය ජයග්‍රහණය කිරීමත් සමඟ 2022 මෙවර පාපන්දු ලෝක කුසලානය තමන් සතු කර ගැනීමට ආජන්ටිනාව (18) සමත් වුණා.

ලෝක පූජිත පාපන්දු ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන ආජන්ටිනා කණ්ඩායමේ නායක ලියනොල් මෙසී සහභාගි වූ අවසන් ලෝක කුසලාන තරඟයේදී නැවතත් ආජන්ටිනාවට පාපන්දු ලෝක කුසලානයක පහස රැගෙන ඒමට මෙසී ප්‍රමුඛ ආජන්ටිනා කණ්ඩායමට හැකි වීම විශේෂත්වයක් වූවා.

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

1 day ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

2 days ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

3 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

3 days ago