Saturday, April 18, 2026
Homeදේශීයදූපත් රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව සියලු රටවල් සමඟ මිත්‍රශීලිව කටයුතු කළ...

දූපත් රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව සියලු රටවල් සමඟ මිත්‍රශීලිව කටයුතු කළ යුතුයි – ජනපති

දූපත් රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව සියලු රටවල් සමඟ මිත්‍රශීලිව කටයුතු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ලෝක බලවතුන්ගේ අරගලවලදී එක් පිළකට බෙදී වෙන් නොවී, කටයුතු කිරීම තුළින් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරය තුළ යහපත් තත්වයකට පත්විය හැකි බව ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.

අද (17) දියතලාව යුද හමුදා විද්‍යාපීඨයේ පැවති කැඩෙට් නිලධාරීන්ගේ 97 වන විසරයෑමේ උත්සවයට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

රණවිරු ස්මාරකය වෙත පුෂ්ප උපහාර දැක්වූ ජනාධිපතිවරයා දක්ෂතම කැඩෙට් කණඩායම වෙත ශූරතා ධජය පිළිගැන්වීම හා කැඩෙට් නිලධාරීන් වෙත අසිපත පිළිගැන්වීම සඳහා සහභාගි විය.

පුහුණු ආයතනයේ ගෞරවය සහ කීර්ති නාමය ආරක්ෂා කර ගනිමින් යුද හමුදා සෙබළුන් සහ ශ්‍රී ලංකා ජනරය සතුරාගෙන් ආරක්ෂා කර ගැනීමේ වගකීම හමුදා නිලධාරීන්ට පැවරෙන බව මෙහිදී අවධාරණය කර සිටියා.

READ:   බුත්තල පැත්තේ පොළව හෙල්ලිලා ප්‍රදේශවාසින් බය වෙලා
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්