Wednesday, June 3, 2026
Homeදේශීයඋපකුලපතිවරයාට පහරදීම සම්බන්ධ ශිෂ්‍යයන් 6 දෙනෙකු අත්අඩංගුවට

උපකුලපතිවරයාට පහරදීම සම්බන්ධ ශිෂ්‍යයන් 6 දෙනෙකු අත්අඩංගුවට

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති අතුල සේනාරත්න සහ ඔහුගේ පුත්‍රයාට පහරදීම සම්බන්ධ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් 12 දෙනෙකුගේ ශිෂ්‍යභාවය අහෝසි කිරීමට විශ්වවිද්‍යාල විනය පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා.

මෙම පහරදීමට සම්බන්ධ තවත් සැකකාර සිසුන් 6 දෙදෙක් ඊයේ (12) රාත්‍රියේදී පොලිසියට පැමිණ භාරවීමෙන් පසු පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වෙනවා.

අදාළ පහරදීම සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසිය විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර පරික්ෂණ කටයුතු අවසන් වන තෙක් පහරදීමට සම්බන්ධ ශිෂ්‍යයන්ගේ ශිෂ්‍යභාවය අහෝසි කර තිබෙනවා.

හිටපු උපකුලපතිවරයාගේ නිල නිවස ආසන්නයේ ඔහුගේ පුතුට අයත් මෝටර් රථයක්, නවතා තිබු යතුරු පැදියක ගැටීම හේතුවෙන් විශ්වවිද්‍යාල සිසුන් විසින් උපකුලපතිවරයාට සහ ඔහුගේ පුත්‍රයාට පහරදී ඇති බව පසුගියදා වාර්තා වුණා.

පහරකෑමට ලක්වු විශ්වවිද්‍යාල උපකුලපතිවරයා සහ ඔහුගේ පුත්‍රයා පසුව රෝහල් ගත කර තිබුණා.

READ:   වෛද්‍යවරුන් දෙදෙනෙකුට පහරදීම සම්බන්ධයෙන් පුද්ගලයෙක් අත්අඩංගුවට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්