තැපැල් වෘත්තීය සමිති විසින් අතිකාළ දීමනා ඇතුළු ඉල්ලීම් රැසක් ඉල්ලා සංකේත වැඩ වර්ජනයක් පවතවා ගෙන යනු ලබනවා. මෙම වර්ජනය අද මධ්‍යම රාත්‍රිය දක්වා ක්‍රියාත්මකයි.
තැපැල් සේවකයන් සඳහා මසකට පැය 60 කින් ඇරඹ් අති කාල දීමනාව මසකට අතිකාල පැය 80, 100 ලෙස වැඩි කර ඇති බවත් එක්වර අතිකාල දීමනා පැය 240 කින් වැනි විශාල සංඛ්‍යාවකින් වැඩි කරන ලෙස ඉල්ලා තැපැල් වෘත්තීය සමිති විසින් ගෙන යන වැඩ වර්ජනය ඉතා අසාධාරණ එකක් බවත් විෂය භාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවා.
තවත් එක් අතිකාල පැයක් හෝ රුපියල් 50 ක මුදලක් හෝ තැපැල් සේවකයින් සඳහා වැඩි කිරීමේ හැකියාවක් ආණ්ඩුවට නොමැති බවයි බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.


