දිවයිනට බලපෑ අධික සීතල කාලගුණය හේතුවෙන් පසු ගිය දින කිහිපය තුළ උතුරු සහ නැගෙනහිර පළාත් වල මිය ගොස් ඇති ගවයන් සහ එළුවන් සංඛ්‍යාව 1000 ඉක්මවා ඇති බව වාර්තා වෙනවා.
ඒ අනුව,
යාපනය දිස්ත්‍රික්කයේ
ගවයින් 49 ක් මිය ගොස් ඇති අතර අසාධ්‍ය තත්ත්වයේ – 17 දෙනෙකු , එළුවන් මරණ 58 ක් අසාධ්‍ය තත්ත්වයේ – 50 ක්.
කිලිනොච්චි දිස්ත්‍රික්කයේ
එළ ගවයින් මරණ 168, අසාධ්‍ය තත්ත්වයේ 159, එළු මරණ 06, අසාධ්‍ය තත්ත්වයේ සිටින එළුවන් ප්‍රමාණය 03 ක්.
මුලතිව් දිස්ත්‍රික්කයේ
එළගව මරණ 120, අසාධය තත්ත්වයෙන් පසුවන ගවයින් ප්‍රමාණය 159යි, එළු මරණ ප්‍රමාණය 42 ක්.
වව්නියාව දිස්ත්‍රික්කයේ
ගව මරණ 21යි, අසාධ්‍ය තත්ත්වයේ 17යි, එළු මරණ ප්‍රමාණය 85 ක්.
ලෙස වාර්තා වී තිබෙනවා.
මැන්ඩවුස් සුළි කුණාටුවේ බලපෑමෙන් උතුරු සහ නැගෙනහිර වෙරළ තීරය ආශිතව ඇති වූ තද සීතල කාළගුණික තත්වය නිසා මෙම සතුන් මෙලෙස මිය යන්නට ඇතැයි සැක කෙරෙන නමුත්, වෙනත් හේතුවක් නිසා සතුන් මිය ගොස් ඇත්ද යන්න පරික්ෂා කිරීම සඳහා පශු සම්පත් අංශය විසින් මිය ගිය සතුන්ගේ සාම්පල රසායනික පරීක්ෂණයක් සඳහා යොමු කර තිබෙනවා.
මෙහිදී මතු වූ කරුණු පිළිබඳ අපේ අදහසත්, මේ ක්‍රියාදාමය පිළිබඳව අපේ ප්‍රවේශයට හේතු වුණු කරුණුත්…
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…
මේ වන විට පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයට හෙල වෙදකමට අභියෝග රැසක් එල්ල වී ඇති බවත් මිට…