2023 වසර සඳහා අඛණ්ඩ විදුලිය සැපයුමක් සඳහා, ලංවිම ඇස්තමේන්තු කර ඇති විදුලි ඒකකයක් සඳහා රුපියල් 56.90 ක් වැය වන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසනවා.
වත්මන් සාමාන්‍ය ගාස්තු රුපියල් 29.14 ක් වන බැවින් හිඟය රුපියල් බිලියන 423.5 ක් ලෙස ගණන් බලා ඇති බව එතුමා සඳහන් කළා.
ලංවිම බිල්පත් දත්ත වලට අනුව වත්මන් ගෘහස්ත පාරිභෝගිකයින් 6,709,574 කි.
ඒකක 0-30 ක පාරිභෝගිකයින් 1,460,828 ක් සිටින අතර ඔවුන් ඒකකයකට රුපියල් 8 ක් ගෙවයි.
ඒකක 30-60 ක පාරිභෝගිකයින් 1,683,172 ක් සිටින අතර ඒකකයකට රුපියල් 10 ක් ගෙවයි.
ඒකක 60-90 ක පාරිභෝගිකයින් 1,702,515 ක් සිටින අතර ඒකකයකට රුපියල් 16 ක් ගෙවයි.
ඒකක 90 -180 ක පාරිභෝගිකයින් 1,559,131 ක් සිටින අතර ඒකකයකට රුපියල් 50 ක් ගෙවයි.
180+ පාරිභෝගිකයන් 303,928ක් ඒකකයකට රුපියල් 75ක් ගෙවයි.
පහළ ස්ථරවලට විශාල වශයෙන් සහනාධාර ලබා දී ඇති අතර සහනාධාරයේ කොටසකට වන්දි ගෙවීම සඳහා ඉහළ ස්ථරය ඒකකයක සාමාන්‍ය පිරිවැයට වඩා ගෙවයි.
ශේෂ සහනාධාර භාණ්ඩාගාරය විසින් දරනු ලැබේ.
සෑම ස්ථරයක්ම ඒකකයකට රු. 56.90 ක් සහ අඩු ආදායම්ලාභී පවුල් සඳහා සෘජු මුදල් දීමනාවක් ලබා දිය යුතු බව තම පුද්ගලික අදහස බව විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ටුවිටර් පණිවිඩයක් තබමින් ප්‍රකාශ කර සිටියා.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…