Friday, April 24, 2026
Homeදේශීයවසරක් තුළ ලාදුරු රෝගීන් 387 ක්

වසරක් තුළ ලාදුරු රෝගීන් 387 ක්

මෙම වසරේ මේ දක්වා කාලය තුළ දී ලාදුරු රෝගීන් 387ක් වාර්තා වී ඇති බව ජාතික ලාදුරු මර්දන ඒකකය පවසනවා.

ලාදුරු විෂබීජයන් ශරීර ගතවී රෝග ලක්ෂණ පහළවීම සඳහා වසර 5 ක කාලයක් ගත වන බව ජාතික ලාදුරු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා පවසනවා. වසරකට ලාදුරු රෝගීන් 2000 ක් පමණ මෙරටින් වාර්තා වන බවයි වෛද්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

කෙසේවෙතත් ශ්‍රී ලංකාව ලාදුරු රෝගය තුරන් කළ රටක් ලෙසයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත් කර තිබෙන්නේ.

READ:   අඩු වූ ගෑස් මිල
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්