දේශීය

ආණ්ඩුව, විපක්ෂය සියල්ල අද අසමත් – මාධ්‍යවේදී වික්ටර් අයිවන් (VIDEO)

ශ්‍රී ලංකාව මහා විනාශයක ගිලෙමින් පවතින බවත් කිසිවෙකු ඒ බව තේරුම් ගෙන කටයුතු නොකරන බවත් මාධ්‍යවේදි වික්ටර් අයිවන් මහතා පවසනවා.

මහජනතාව , විශ්ව විද්‍යාල, ආර්ථික විශේෂඥයින් ඇතුළු මෙරට සියලු දෙනා ප්‍රබුද්ධ තත්වයක සිටියා නම් අද මෙවැනි අර්බුදයක් ඇති නොවන බව එතුමා ප්‍රකාශ කළා.

එදා අපිටත් වඩා ලොකු ගෙවුම් ශේෂ අර්බුදයක් කරා ඉන්දියාව ගමන් කරමින් සිටියදී එවකට අගමැති නරසිංහ රාහූ දේශපාලනයෙන් පිට සිටි මනමෝහන් සින්ග් සමගින් නව ආර්ථික ප්‍රතිසංස්කරණ ඇති කළ බවත් එරට සියලු පක්ෂ එකතු වී සින්ග්ගේ ආර්ථික වැඩසටහනට උදව් කළ බවත් එතුමා පැවසුවා. එහෙත් මෙරට ආණ්ඩුව , විපක්ෂය ආදී සියලු දෙනා එලෙස එකතු වීමට අද අසමත් වී ඇති බව එතුමා පෙන්වා දෙනවා.

අවබෝධයක් ඇති අයට මෙම අවුල කොතනින් කෙළවර වේද යන්න සිතාගත නොහැකි තත්වයකට පත්ව ඇති බව වික්ටර් අයිවන් මහතා පවසනවා.

ජනතාවගේ පීඩනය දුක් ගැහැට වැඩි වීම නිසා හිටපු ජනපතිට ධූරයෙන් ඉවත්ව යෑම මෙරට සිදුවු අසාමාන්‍ය සිදුවීමක් බව එතුමා පෙන්වා දෙනවා. එහෙත් ජනතාව පාරට පැමිණිම තුළින් ආණ්ඩු පෙරළිය හැකි යැයි මහජනතාව සහ දේශපාලකයන් සිතීම මුලාවක් බව එතුමා ප්‍රකාශ කළා.

පාරට පැමිණ බලපෑම් සිදු කළ හැකි බව සත්‍යයක් උනත් පාරට පැමිණ ආණ්ඩුවක් එළවීම හරහා නව ආණ්ඩුවක් පත් කර ගැනීම, සිදු කිරීමට නොහැකි සහ විධිමත් පිළිවෙලක් නොවන බව එතුමා අවධාරණය කර සිටිනවා.

සම්පූර්ණ විස්තරය සහිත විඩියෝව පහතින්,

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

1 day ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

2 days ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

3 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

3 days ago