Sunday, September 13, 2026
Homeදේශීයපාසැල් ළමුන් වැඩිම පිරිසක් අද පාර්ලිමේන්තුවට

පාසැල් ළමුන් වැඩිම පිරිසක් අද පාර්ලිමේන්තුවට

පාර්ලිමේන්තු ඉතිහාසයේ දිනකදී වැඩිම පාසැල් ළමුන් සංඛ්‍යාවක් පාර්ලිමේන්තුව නැරඹීම සඳහා අද (01) පැමිණී බව පාර්ලිමේන්තු මාධ්‍ය අංශය වාර්තා කරනවා.

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පාසැල් 32 කට අයත් පාසැල් ළමුන් 5000 කට අධික සංඛ්‍යාවක් සඳහා අද (01) පාර්ලිමේන්තුව නැරඹීමට අවසර ලබා දුන් බව සඳහන් වනවා.

පාසැල් ළමුන් විශාල සංඛ්‍යාවක් මෙරට පාර්ලිමේන්තුව නැරඹීමට පැමිණීම ලෝක පාර්ලිමේන්තු ඉතිහාසයේ ද වාර්තා ගත අවස්ථාවක් විය හැකි බව පාර්ලිමේන්තු මාධ්‍ය අංශය පවසනවා.

පාර්ලිමේන්තු සැසිවාර නැරඹීම සඳහා මහජන ගැලරියට පැමිණෙන පාසැල් ළමුන් සඳහා කිරි වීදුරුවක් ලබාදීමේ වැඩසටහන තවදුරටත් ක්‍රියාත්මක කරන බව පාර්ලිමේන්තු මාධ්‍ය අංශය සඳහන් කර තිබුණා.

READ:   ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වැඩබලන සභාපතිවරයෙක් පත් කරයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්