ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සාමාජිකයින්ගේ නිවාස අවශ්‍යතා සම්පූර්ණ කිරීම වෙනුවෙන් රණවිරු සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනු ලබන යුද්ධ හමුදාධිපති රණවිරු නිවාස අරමුදලේ 8 වන අදියර යටතේ මූල්‍යාධාර ලබා දීම යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් විකුම් ලියනගේ අතින් පසුගිය දා සිදුකෙරුණි.
එහිදී යුද්ධ හමුදා සාමාජිකයින්ට නව නිවාස ඉදිකිරීමට හෝ අර්ධ වශයෙන් ඉදිකරන ලද නිවාසයන්හි ඉදිකිරීම් නිමකිරීම සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබා දෙනලදී. මෙම අදියරයේ දී යටතේ නව නිවාස 31 ක් ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 1.5 ක් බැගින් සහ අර්ධ වශයෙන් ඉදිකරන ලද නිවාස 40 ක ඉදිකිරීම් කටයුතු නිමකිරීම සඳහා රුපියල් 750,000/= ක් බැගින් ලබාදීම සිදුකෙරුණි.
2015 වසරේ රණවිරු සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් රණක්‍ෂිතයට පත්, සේවයේ නියුතු, විශ්‍රාමික සහ මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ නව නිවාස සිහිනය සැබෑ කිරීම වෙනුවෙන් යුද්ධ හමුදාධිපති රණවිරු නිවාස අරමුදල ආරම්භ කරන ලදී. 2015 වසරේ සිට මේ දක්වා නව නිවාස 264 ක් ඉදිකිරීමට සහ අර්ධ නිවාස 71 ක ඉදිකිරීම් කටයුතු නිම කරවාගැනීම සඳහා මෙම අරමුදල යටතේ මූල්‍යමය ප්‍රතිපාදන ලබාදී ඇත.
දිලංක ගුණතිලක
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…