දේශීය

යුද්ධ හමුදාධිපති රණවිරු නිවාස අරමුදලෙන් යුද්ධ හමුදා සාමාජිකයන් 71 දෙනෙකුට නිවාස ඉදිකිරීමට ප්‍රතිපාදන

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සාමාජිකයින්ගේ නිවාස අවශ්‍යතා සම්පූර්ණ කිරීම වෙනුවෙන් රණවිරු සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනු ලබන යුද්ධ හමුදාධිපති රණවිරු නිවාස අරමුදලේ 8 වන අදියර යටතේ මූල්‍යාධාර ලබා දීම යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් විකුම් ලියනගේ අතින් පසුගිය දා සිදුකෙරුණි.

එහිදී යුද්ධ හමුදා සාමාජිකයින්ට නව නිවාස ඉදිකිරීමට හෝ අර්ධ වශයෙන් ඉදිකරන ලද නිවාසයන්හි ඉදිකිරීම් නිමකිරීම සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබා දෙනලදී. මෙම අදියරයේ දී යටතේ නව නිවාස 31 ක් ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 1.5 ක් බැගින් සහ අර්ධ වශයෙන් ඉදිකරන ලද නිවාස 40 ක ඉදිකිරීම් කටයුතු නිමකිරීම සඳහා රුපියල් 750,000/= ක් බැගින් ලබාදීම සිදුකෙරුණි.

2015 වසරේ රණවිරු සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් රණක්‍ෂිතයට පත්, සේවයේ නියුතු, විශ්‍රාමික සහ මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ නව නිවාස සිහිනය සැබෑ කිරීම වෙනුවෙන් යුද්ධ හමුදාධිපති රණවිරු නිවාස අරමුදල ආරම්භ කරන ලදී. 2015 වසරේ සිට මේ දක්වා නව නිවාස 264 ක් ඉදිකිරීමට සහ අර්ධ නිවාස 71 ක ඉදිකිරීම් කටයුතු නිම කරවාගැනීම සඳහා මෙම අරමුදල යටතේ මූල්‍යමය ප්‍රතිපාදන ලබාදී ඇත.

දිලංක ගුණතිලක

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

2 days ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

3 days ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

4 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

4 days ago