භික්ෂුන් වහන්සේලා ධර්මය පිළිනොපැදීම නිසා බෞද්ධ ශාසනයේ ප්‍රශ්න ගණනාවක් ඇති වී ඇති බව ජනාධිපතිවරයා පෙන්වා දෙනවා. එතුමා මේ බව ප්‍රකාශ කළේ භික්ෂුන් වහන්සේලා පිළිබඳ නව පනත් කෙටුම්පත පිළිබඳ අද (29) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්.
භික්ෂුන් වහන්සේ නමක් සිව්ර දරාගත් පමණින් ශාසනය හා ධර්මය රකිනවා යැයි කිව නොහොකි බවත් එදා බුදුන් දවස අංගුලිමාල තෙරුන් වහන්සේ ද සිවුර දරා සිටියදී ශාසනයට විරුද්ධව කටයුතු කළ බවත් ජනාධිපතිවරයා පැවසුවා.
තෛයිනිකායික භික්ෂූන් වහන්සේලා සමඟ කතිකාවතක් ඇති කරගනිමින් නව පනත් කෙටුම්පතට අනුව කටයුතු කිරීම ඉතා වැදගත් බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.
වර්තමානයේ විශ්වවිද්‍යාල භික්ෂුන් වහන්සේලා මහානායක හිමිවරුන්ට පවා විරුද්ධව ප්‍රකාශයන් සිදු කරන බවත් ජනාධිපතිවරයා පවසනවා.
විශ්වවිද්‍යාලයට ඇතුළු වන සමහර භික්ෂුන් වහන්සේලා උපාධිය ලබා ගන්නා විට භික්ෂුත්වය අතහැර උපාධිය ලබා ගැනීම ද ගැටළුවක් බව ජනාධිපතිවරයා පැවසුවා. මෙම ගැටලු නිරාකරණය කිරීම සඳහා යම් පාලනයක් ඇති කළ යුතු බවත් ඊට නව පනත් කෙටුම්පත ඉතා වැදගත් බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවා.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…