දේශීය

ධර්මය පිළිනොපදින භික්ෂූන් නිසා ශාසනය පිරිහිලා – ජනපති

භික්ෂුන් වහන්සේලා ධර්මය පිළිනොපැදීම නිසා බෞද්ධ ශාසනයේ ප්‍රශ්න ගණනාවක් ඇති වී ඇති බව ජනාධිපතිවරයා පෙන්වා දෙනවා. එතුමා මේ බව ප්‍රකාශ කළේ භික්ෂුන් වහන්සේලා පිළිබඳ නව පනත් කෙටුම්පත පිළිබඳ අද (29) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්.

භික්ෂුන් වහන්සේ නමක් සිව්ර දරාගත් පමණින් ශාසනය හා ධර්මය රකිනවා යැයි කිව නොහොකි බවත් එදා බුදුන් දවස අංගුලිමාල තෙරුන් වහන්සේ ද සිවුර දරා සිටියදී ශාසනයට විරුද්ධව කටයුතු කළ බවත් ජනාධිපතිවරයා පැවසුවා.

තෛයිනිකායික භික්ෂූන් වහන්සේලා සමඟ කතිකාවතක් ඇති කරගනිමින් නව පනත් කෙටුම්පතට අනුව කටයුතු කිරීම ඉතා වැදගත් බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.

වර්තමානයේ විශ්වවිද්‍යාල භික්ෂුන් වහන්සේලා මහානායක හිමිවරුන්ට පවා විරුද්ධව ප්‍රකාශයන් සිදු කරන බවත් ජනාධිපතිවරයා පවසනවා.

විශ්වවිද්‍යාලයට ඇතුළු වන සමහර භික්ෂුන් වහන්සේලා උපාධිය ලබා ගන්නා විට භික්ෂුත්වය අතහැර උපාධිය ලබා ගැනීම ද ගැටළුවක් බව ජනාධිපතිවරයා පැවසුවා. මෙම ගැටලු නිරාකරණය කිරීම සඳහා යම් පාලනයක් ඇති කළ යුතු බවත් ඊට නව පනත් කෙටුම්පත ඉතා වැදගත් බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවා.

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

5 hours ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

1 day ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

2 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

2 days ago